දැදුරු ඔය පිටාර ගැලීමෙන් උතුරු මාර්ගයේ දුම්රිය ධාවනයට බාධා
දැදුරු ඔය පිටාර ගැලීම හේතුවෙන් උතුරු මාර්ගයේ දුම්රිය ධාවනයට බාධා එල්ල වී තිබේ.
දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කළේ, කුරුණෑගල සහ මහව අතර දුම්රිය මාර්ගය ජලයෙන් යටවීම හේතුවෙන් එම මාර්ගයේ දුම්රිය ධාවනය තාවකාලිකව නතර කර ඇති බවය.
ඒ අනුව කොළඹ සිට ධාවනය වන දුම්රියන් කුරුණෑගල දක්වා පමණක් ධාවනය වන අතර යාපනය සිට පැමිණෙන දුම්රියන් මහව දක්වා පමණක් ධාවනය වන බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.
වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ ජල කළමනාකරණ අධ්‍යක්ෂ එල්.එස් සූරියබණ්ඩාර මහතා සඳහන් කළේ, තවත් ජලාශ කිහිපයක ජල මට්ටම් ඉහළ ගොස් ඇති බවය.
