හැමිල්ටන් ඇළ සංචාරක ආකර්ෂණීය ස්ථානයක් ලෙස සංවර්ධනය කිරීමට අනුමැතිය
බස්නාහිර පළාතේ වෙරළ හා මුහුද ආශ්රිත හැමිල්ටන් ඇළ සහ මීගමු කලපුව ඇතුළු ජලාශ්‍රිත පරිසරය, සොබාදහම කේන්ද්‍ර කරගත් හා ඓතිහාසික උරුමයන් හුවා දක්වන ප්‍රධාන සංචාරක ගමනාන්තයක් ලෙස සංවර්ධනය කිරීමට රජය තීරණය කර තිබෙනවා.
ඒ අනුව, මීගමුව කලපුවේ පිහිටි කිංස් අයිලන්ඩ් ජැටියේ සිට මා ඔය මෝයකට දක්වා වූ හැමිල්ටන් ඇළ කොටස සංචාරක කර්මාන්තය සඳහා යොදා ගැනීමටයි බස්නාහිර පළාත් සභාව විසින් විශේෂ ව්‍යාපෘති වාර්තාවක් සකස් කර ඇත්තේ.
රුපියල් මිලියන 700ක ඇස්තමේන්තුගත පිරිවැයක් යටතේ ක්‍රියාත්මක කෙරෙන මෙම ව්‍යාපෘතිය සඳහා ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන කාර්යාංශයේ අරමුදල් යොදවා ගැනීමට නියමිතයි.
විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යවරයා සහ රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යවරයා විසින් ඉදිරිපත් කරන ලද ඒකාබද්ධ යෝජනාව සැලකිල්ලට ගනිමින් අමාත්‍ය මණ්ඩලය මෙම සංවර්ධන ව්‍යාපෘතිය සඳහා අනුමැතිය ලබා දී තිබෙනවා.
