ප්‍රබල අකුණු අනතුරු ඇඟවීම්

ස්වාභාවික විපත් පිළිබඳ පූර්ව අනතුරු ඇඟවීමේ මධ්‍යස්ථානය විසින් දිවයිනේ ප්‍රදේශ රැසකට අකුණු පිළිබඳ පූර්ව අනතුරු ඇඟවීමක් නිකුත් කර තිබේ.

අද දින (03) පස්වරු 01:00 ට ආරම්භ වූ මෙම අනතුරු ඇඟවීම හෙට දින (04) අලුයම 01:00 දක්වා බලපැවැත්වේ.

මෙම කාලය තුළ අදාළ ප්‍රදේශවල තැනින් තැන ප්‍රබල අකුණු සහිත ගිගුරුම් වැසි ඇති විය හැකි බවට අනතුරු ඇඟවෙයි.

බලපෑම ඇතිවිය හැකි ප්‍රදේශ

අනුරාධපුර – අනුරාධපුර නව නගරය, ඉපලෝගම, කහටගස්දිගිලිය, කැකිරාව, කැබිතිගොල්ලෑව, ගලෙන්බිඳුනුවැව, තිරප්පනේ, පදවිය, පලාගල, පලුගස්වැව, මැදවච්චිය, මිහින්තලේ, රම්බෙව, හොරොව්පතාන

අම්පාර – අඩ්ඩාලච්චේනයි, උහන, ඩමන, තිරුකෝවිල්, දෙහිඅත්තකණ්ඩිය 1, දෙහිඅත්තකණ්ඩිය 2, නමලෝය, නින්ටාවුර්, පදියතලාව, පොතුවිල්, මහඔය, ලහුගල, සම්මන්තුරෛ

කෑගල්ල – අරණායක, මාවනැල්ල

කිලිනොච්චිය –  කන්ඩාවලයි, කරච්චි

කුරුණෑගල – ඉබ්බාගමුව, ගනේවත්ත, පොල්පිතිගම, මල්ලවපිටිය, මාවතගම, රිදිගම, වාරියපොළ

ත්‍රිකුණාමලය – සියලුම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස

නුවරඑලිය – කොත්මලේ, වලපනේ, හඟුරන්කෙත

පොළොන්නරුව – සියලුම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස

බදුල්ල – සියලුම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස

මඩකලපුව – එරාවුර් පට්ටු, කෝරලපත්තුව, කෝරලපත්තුව උතුර, පොරතිව් පට්ටු, මන්මුනයි උතුරු, මන්මුනයි දකුණු බටහිර, මන්මුනයි බටහිර

මහනුවර – සියලුම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස

මාතලේ – සියලුම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස

මුලතිව් – ඔඩ්ඩුසුඩාන්, පුදුකුඩියිරුප්පු, මුලතිව්

මොනරගල – කතරගම, බඩල්කුඹුර, බිබිලේ, බුත්තල, මඩුල්ල, මැදගම, වැල්ලවාය, සියඹලාණ්ඩුව

යාපනය – වඩමරච්චි නැගෙනහිර

වව්නියාව – නෙඩුන්කේනි, වවුනියාව දකුණු (දෙමළ), වවුනියාව දකුණු (සිංහල)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *