“නවෝදයාගම” නිවාස ව්‍යාපෘතියේ නිවාස 50ක් අද ජනතා අයිතියට!
2023 මාර්තු 19 වනදා සිදු වූ නායයෑමෙන් නිවාස අහිමිව වසර තුනහමාරකට ආසන්න කාලයක් දුෂ්කර හා අනාරක්ෂිත තත්ත්වයන් යටතේ ජීවත් වූ කබරගල පවුල් 50ක් වෙනුවෙන් ඉදිකළ “නවෝදයාපුරම්”
නිවාස ව්‍යාපෘතියේ නිවාස 50ක් අද (28) ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් ජනතා අයිතියට පත් කිරීමට නියමිතය.
පවුල් 50ක් සඳහා පර්චස් 10 බැගින් වූ ඉඩම් කට්ටි සහ වර්ග අඩි 550කින් යුත් අංගසම්පූර්ණ නිවාස 50ක් මෙම ව්‍යාපෘතිය යටතේ ඉදිකර තිබේ.
එමෙන්ම නව නිවාසවල පදිංචි වන සෑම පවුලකටම ගෘහ භාණ්ඩ, මුළුතැන්ගෙයි උපකරණ ඇතුළු රුපියල් 175,000ක පමණ වටිනා අත්‍යවශ්‍ය භාණ්ඩ ද ලබාදීමට කටයුතු කර තිබේ.
වසර ගණනාවක් අනාරක්ෂිත පරිසරයක ජීවත් වූ මෙම පවුල් සඳහා ආරක්ෂිත නිවසක් තමන්ගේම ඉඩමක් සහ අභිමානයෙන් නව ජීවිතයක් ආරම්භ කිරීමට අවශ්‍ය මූලික පහසුකම් ලබාදීම මෙම ව්‍යාපෘතියේ අරමුණ වී තිබේ.
