වේදනා නාශක ඖෂධ පෙති 100ක් සමඟ රජයේ වෛද්‍යවරයකු අත්අඩංගුවට – ප්‍රසාද් පූර්ණමාල්
වේදනා නාශක ඖෂධ පෙති 100ක් සමඟ රජයේ වෛද්‍යවරයකු සහ ඔහු ගමන් කළ මෝටර් රථය හලාවත කොට්ඨාස අපරාධ විමර්ශන අංශය විසින් අත්අඩංගුවට
ගෙන තිබේ.
පෙරේදා (21) රාත්‍රියේ හලාවත ප්‍රධාන පෙළේ වෙළෙඳසලක් ආසන්නයේදී පොලිසියට ලැබුණු තොරතුරක් මත මෙම වැටලීම සිදුකර ඇත.
අත්අඩංගුවට ගත් වෛද්‍යවරයා ආරච්චිකට්ටුව ප්‍රදේශයේ පෞද්ගලික වෛද්‍ය ප්‍රතිකාර මධ්‍යස්ථානයක් පවත්වාගෙන යමින් රෝගීන්ට ප්‍රතිකාර ලබාදෙන අයකු
බව පොලිසිය සඳහන් කරයි.මේ වෛද්‍යවරයා රජයේ රෝහලක ද සේවය කරන බව වාර්තා වේ .
අදාළ ඖෂධ තොගය නිසි බලපත්‍රයක් නොමැතිව ප්‍රවාහනය කිරීම ඔහුට එල්ල වී ඇති චෝදනාවයි.
ස්නායු ආශ්රිත වේදනා සඳහා භාවිත කරන මෙම ඖෂධය 2022 අංක 41 දරන විෂ වර්ග, අබිං සහ අන්තරායකර ඖෂධ (සංශෝධන) පනත මගින් සංශෝධනය
කරන ලද ප්‍රධාන ආඥාපනතේ තුන්වන උපලේඛනයේ Group B කාණ්ඩයට ඇතුළත් කර තිබේ.
මේ අතර, අදාළ වෛද්‍යවරයා විසින් ප්‍රදේශයේ තරුණ තරුණියන්ට මත් වීම සඳහා මෙම ඖෂධ ලබාදෙන බවට ප්‍රදේශවාසීන් මීට පෙර සමාජ මාධ්‍ය ඔස්සේ චෝදනා
එල්ල කර තිබිණි. ඒ සම්බන්ධයෙන් විරෝධතා ද මතුව තිබූ අතර, අවස්ථා දෙකකදී අදාළ ප්‍රතිකාර මධ්‍යස්ථානයට ගල් ප්‍රහාර ද එල්ල වී තිබේ.
අත්අඩංගුවට ගත් වෛද්‍යවරයා මේ මස 26 වැනිදා අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.
