නියෝජ්‍ය පොලිස්පතිවරුන් 06 දෙනෙකුට මාරුවීම්
නියෝජ්‍ය පොලිස්පතිවරුන් 06 දෙනෙකුට වහාම ක්‍රියාත්මක වන පරිදි ස්ථාන මාරුවීම් ලබාදී තිබේ.
ජාතික පොලිස් කොමිෂන් සභාවේ අනුමැතියට යටත්ව පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා විසින් අදාළ ස්ථානමාරුවීම් ලබාදී ඇති බව සඳහන් වේ.
ඒ අනුව කළුතර දිස්ත්‍රික්කය භාරව සිටි නියෝජ්‍ය පොලිස්පතිවරිය කෑගල්ල දිස්ත්‍රික්කයට මාරුකර යැවීමට පියවර ගෙන තිබේ.
කෑගල්ල දිස්ත්‍රික්කය භාරව සිටි නියෝජ්‍ය පොලිස්පතිවරයා යාපනය දිස්ත්‍රික්කයට මාරුකර යවා ඇති අතර යාපනය දිස්ත්‍රික්කයේ සිටි නියෝජ්‍ය පොලිස්පතිවරයා කළුතර දිස්ත්‍රික්කයට මාරුකර යවා ඇති බවද වාර්තා වේ.
මීට අමතරව මධ්‍යම අපරාධ විමර්ශන කොට්ඨාශය භාරව සිටි නියෝජ්‍ය පොලිස්පතිවරයා පොලිස් සුබසාධන කොට්ඨාශයට මාරුකර යවා ඇති අතර පොලිස් සුබසාධන කොට්ඨාශය භාරව සිටි නියෝජ්‍ය පොලිස්පතිවරයා මධ්‍යම අපරාධ විමර්ශන කොට්ඨාශය වෙත මාරුකර යැවීමටද පියවර ගෙන ඇති බවද සඳහන් වේ.
