ශ්‍රී ලංකාවෙන් නේපාලයට ඇමරිකානු ඩොලර් මිලියනයක මානුෂීය ආධාර!

නේපාලයේ ගංවතුර සහ නායයෑම් හේතුවෙන් විපතට පත් ජනතාවට සහන සැලසීම සඳහා ඇමරිකානු ඩොලර් මිලියනයක මූල්‍ය ආධාරයක් ලබාදීමට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා රජයට උපදෙස් ලබාදී ඇතැයි විදේශ කටයුතු අමාත්‍යංශය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.

මෙම ව්‍යසනයෙන් සිදුවූ ජීවිත හානි සම්බන්ධයෙන් නේපාල රජයට සහ ජනතාවට මෙන්ම සිය ආදරණීයයන් අහිමි වූ පවුල් වෙත ශ්‍රී ලංකා රජය සහ ජනතාව වෙනුවෙන් ජනාධිපතිවරයා සිය ශෝකය පළ කළේය. ශ්‍රී ලංකාව සහ නේපාලය අතර පවතින දිගුකාලීන මිත්‍රත්වය සිහිපත් කළ ජනාධිපතිවරයා, මෙම දුෂ්කර අවස්ථාවේදී නේපාල ජනතාව සමඟ ශ්‍රී ලංකාව ශක්තිමත්ව සිටින බව අවධාරණය කළේය.

මේ අතර, විදේශ අමාත්‍ය විජිත හේරත් මහතා නේපාල විදේශ අමාත්‍ය ෂිසිර් ඛනාල් මහතා සමඟ අද පැවති දුරකථන සංවාදයකදී ශ්‍රී ලංකාවේ ශෝකය සහ සහයෝගය පළ කළේය.

නේපාලයේ සහන හා ප්‍රතිසාධන කටයුතු සඳහා තවදුරටත් සහාය විය හැකි ආකාර පිළිබඳව ශ්‍රී ලංකා රජය නේපාල රජය සමඟ සමීපව කටයුතු කිරීමට නියමිතය.

END/GONP/MMP/28082026

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *