පසුගිය සතියේ රන් මිල සැලකිය යුතු ලෙස පහළට : රන් පවුමක මිල රුපියල් 3,000කින් පහළ බසී

පසුගිය සතිය තුළ මෙරට රන් මිල සැලකිය යුතු ලෙස පහළ ගොස් තිබෙනවා.

ලෝක වෙළෙඳපොළේ රන් මිල පහළ යාමට සාපේක්ෂව මෙලෙස මෙරට රන් මිල ද පහළ ගොස් ඇති බවයි වාර්තා වන්නේ.

ශ්‍රී ලංකා ස්වර්ණාභරණ සංගමය සඳහන් කළේ, පෙරේදා දිනයට සාපේක්ෂව ඊයේ (21) දිනයේදී කැරට් 24 රන් පවුමක මිල රුපියල් 3,000කින් පහළ ගොස් ඇති බවයි.

ඒ අනුව, ඊයේ දිනයේදී කැරට් 24 රන් පවුමක මිල රුපියල් 342,000ක් ලෙස සටහන් වී තිබුණා.

එමෙන්ම, කැරට් 22 රන් පවුමක මිල රුපියල් 314,700ක් ලෙසයි සටහන් වී ඇත්තේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *