නින්දවූර් මුහුදේ දිය නෑමට ගිය තරුණයින් දෙදෙනෙකු අතුරුදන්
නින්දවූර් මුහුදු ප්‍රදේශයේ දිය නෑමට ගිය තරුණයින් තිදෙනෙකුගෙන් දෙදෙනෙකු දියේ ගිලී අතුරුදන් වී තිබේ.
පොලිසිය සඳහන් කළේ, අනතුරට පත් තරුණයින් තිදෙනාගෙන් එක් අයෙකු ප්‍රදේශවාසීන් විසින් බේරාගෙන නින්දවූර් රෝහලට ඇතුළත් කර ඇති බවය.
මෙලෙස අතුරුදන්ව ඇත්තේ වයස අවුරුදු 16 සහ 23 යන වයස්වල පසුවන නින්දවූර් ප්‍රදේශයේ පදිංචි තරුණයින් දෙදෙනෙකි.
අතුරුදන් වූ තරුණයින් දෙදෙනා සොයා නාවික හමුදා කිමිදුම් කණ්ඩායම්, ප්‍රදේශවාසීන් සහ නින්දවූර් පොලිසිය එක්ව සෝදිසි මෙහෙයුම් ආරම්භ කර තිබේ.
