සුළඟේ වේගය ඉහළට: මුහුදු නොයන්නැයි උපදෙස්

කන්කසන්තුරය සිට මන්නාරම හරහා කල්පිටිය දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදෙශවල සුළඟේ වේගය පැයට කිලෝමීටර 60 – 70 දක්වා වැඩිවිය හැකි අතර එම මුහුදු ප්‍රදේශ විටින් විට රළු විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළා.

මේ හේතුවෙන් එම මුහුදු ප්‍රදේශයට නැවත දැනුම් දෙනතුරු යාත්‍රා නොකරන ලෙසයි නාවික සහ ධීවර ප්‍රජාවට දැනුම් දෙන්නේ.

ඊට අමතරව, ත්‍රිකුණාමලයේ සිට මුලතිව් හරහා කන්කසන්තුරය දක්වා සහ කල්පිටියේ සිට කොළඹ, ගාල්ල සහ හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල සුළඟේ වේගය පැයට කිලෝමීටර 50 – 60ත් දක්වා වැඩිවිය හැකියි.

එම මුහුදු ප්‍රදේශවල ධීවර සහ නාවික කටයුතුවල යෙදෙන්නේ නම් ඒ පිළිබඳව අවධානයෙන් කටයුතු කරන ලෙසද දැනුම් දෙනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *