රට සිහින මවා ලක්ෂ 7ක් ගත්ත සැකකරු අත්අඩංගුවට

මැදපෙරදිග සහ නවසීලන්තයේ ඉහළ වැටුප් සහිත රැකියා ලබා දෙන බව පවසා AI තාක්ෂණය ඔස්සේ වෙළඳ දැන්වීම් නිර්මාණය කර පුද්ගලයන්ගෙන් මුදල් වංචා කළ සැකකරුවෙකු හැටන් පොලිසිය මඟින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

හැටන් ප්‍රදේශයේ පදිංචි පුද්ගලයන් දෙදෙනෙකුගෙන් රුපියල් ලක්ෂ 7ක මුදලක් මෙලෙස ලබාගෙන ඔවුන් විදේශගත නොකළ බවට ලැබුණු පැමිණිල්ලකට අනුව විමර්ශන සිදු කර තිබුණා.

ඒ අනුව, හැටන් පොලිසියේ විවිධ පැමිණිලි අංශය කැකිරාව පොලිසියට කළ දැනුම්දීමකට අනුව කැකිරාව ප්‍රදේශයේදී සැකකරු අත්අඩංගුවට ගත්තා.

සැකකරු කැකිරාව ප්‍රදේශයේ පදිංචි 44 හැවිරිදි පුද්ගලයෙක් වන අතර ඔහු AI තාක්ෂණයෙන් සකස් කළ වෙළෙඳ දැන්වීම් සිය ෆේස්බුක් ගිණුම ඔස්සේ පළ කර, විදේශ රැකියා අපේක්ෂාවෙන් සිටි පිරිසගෙන් සිය බැංකු ගිණුමට මුදල් බැර කරවාගෙන ඇති බවයි මූලික පොලිස් විමර්ශනවලදී හෙළි වී ඇත්තේ.

පසුව හැටන් පොලිස් නිලධාරීන් සැකකරු රැගෙන විත් ඊයේ (23) හැටන් මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කළ අතර, එහිදී සැකකරු දැඩි ඇප කොන්දේසි මත මුදා හැරීමට මහේස්ත්‍රාත්වරයා නියෝග කර තිබුණා.

අනතුරුව නඩුව නැවත ලබන වසරේ ජනවාරි 12 වැනිදා කැඳවීමට නියමිතයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *