විශ්වවිද්‍යාල අනධ්‍යයන සේවකයින් හෙට දිපව්‍යාප්ත වර්ජනයක

2025 අයවැයෙන් කප්පාදු කළ වැටුප්, අතිකාල දීමනා සහ දීමනා මෙවර අයවැයෙන් යළි ලබාදීම ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින් හෙට(25) යළි සංකේත වැඩවර්ජනයක් සිදුකරන බව විශ්වවිද්‍යාල වෘත්තීය සමිති ඒකාබද්ධ කමිටුව පවසයි.

මේ අතර, ගුරු ක්ෂේත්‍රයේ වෘත්තීය සමිති රැසක් ද නොවැම්බර් 30 වැනිදා අසනීප නිවාඩු වාර්තාකිරීමේ වෘත්තීය ක්‍රියාමාර්ගයකට එළැඹීමට නියමිතයි.

2027 අයවැය යෝජනාවලින් තමන්ට සහන නොලැබුණු බව පවසමින් ක්ෂේත්‍ර කිහිපයක වෘත්තිය සමිති ඊයේ ‘ජාතික දිනයක්’ ප්‍රකාශයට පත්කර තිබූ අතර, ඔවුන් පැවසුවේ එළැඹෙන සතියේදී සිය ක්‍රියාමාර්ග දැඩි කිරීමට පියවර ගන්නා බවයි.

එවන් පසුබිමක නොවැම්බර් 18 වැනිදා වර්ජනයක නිරත වූ විශ්වවිද්‍යාල අනධ්‍යයන සේවකයින් යළිත් වරක් මෙලෙස හෙට දිනයේදී සංකේත වර්ජනයක නිරත වීමට සූදානම් වෙයි.

2025 අයවැයෙන් කප්පාදු කළ ඔවුන්ගේ වැටුප්, අතිකාල දීමනා සහ දීමනා යළිත් ලබාදෙන ලෙස සරසවි අනධ්‍යයන සේවකයින් ඉල්ලා සිටින අතර, ඔවුන් පවසන්නේ ආණ්ඩුව මේ පිළිබඳ සාකච්ඡාවක් හෝ මෙතෙක් ලබාදී නොමැති බවයි.

මේ සම්බන්ධයෙන් වැඩිදුර අදහස් දැක්වූ විශ්වවිද්‍යාල වෘත්තීය සමිති ඒකාබද්ධ කමිටුවේ සම සභාපති මංගල දබරේරා,

“අපි කිසිසේත්ම වැටුප් වැඩිවීමක් නෙමෙයි ඉල්ලන්නේ. අප ලබමින් සිටි 2025 අයවැයෙන් කප්පාදු කළ වැටුප් හා දීමනා හා අතිකාල දීමනා නැවත වතාවක් ලබා දෙන්න කියලා.ඒ වර්ජනයේ නියුතු හෝ ක්‍රියාමාර්ගවල හිටපු කිසිම වෘත්තීය කණ්ඩාමකට මේ රජය සාකච්ඡාවල් ලබා දීලා නෑ. “

Leave a Reply

Your email address will not be published. Required fields are marked *