පන්නිපිටියේ අබලි යකඩ අලෙවිසැලක ගින්නක්

පන්නිපිටිය, දෙපානම ප්‍රදේශයේ පිහිටි අබලි යකඩ මිලදී ගන්නා ස්ථානයක අද (21) උදෑසන ගින්නක් හටගෙන තිබෙනවා.

පොලිසිය සඳහන් කළේ, මහරගම පොලිස් වසමේ බොරැල්ල පාර, පොල්වත්ත හන්දිය ආසන්නයේ පිහිටි අදාළ වෙළෙඳසැලේ අද උදෑසන 9.05ට පමණ මෙම ගින්න හටගෙන ඇති බවයි.

ගින්න මැඩපැවැත්වීම සඳහා කෝට්ටේ නගර සභාවට අයත් ගිනි නිවීමේ රථ තුනක් එම ස්ථානයට යොමු කර ඇති අතර, ගිනි නිවීමේ කටයුතු සිදුකරමින් පවතිනවා.

ගින්නෙන් වෙළෙඳසැලට සහ එහි තිබූ භාණ්ඩවලට අලාභහානි සිදුව ඇති බවයි පොලිසිය සඳහන් කළේ.

කෙසේ වෙතත්, සිද්ධියෙන් කිසිදු ජීවිත හානියක් වාර්තා වී නැහැ.

ගින්න හටගැනීමට හේතුව මෙතෙක් අනාවරණ වී නොමැති අතර, සිද්ධිය සම්බන්ධයෙන් මහරගම පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *