අර්තාපල් වගාව ප්‍රවර්ධනයට වැඩසටහනක්

මධ්‍යම පළාත් කෘෂිකර්ම දෙපාර්තමේන්තුව විසින් අර්තාපල් වගාව ප්‍රවර්ධනය කිරීමේ වැඩසටහනක් ක්‍රියාත්මක කර තිබෙනවා.

ඒ අනුව ඊට සමගාමීව අර්තාපල් ගොවීන් ලියාපදිංචි කිරීම මේ මස 26 හා 27 යන දෙදින සිදු කිරීමට නියමිතයි.

අර්තාපල් ගොවීන්ගේ තොරතුරු ලියාපදිංචි කරගනිමින් තිරසාර අර්තාපල් වගාවක් සඳහා එක්ව කටයුතු කිරීම මෙහි අරමුණ වනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *