කාන්තා පොලිස් සැරයන්වරියගේ මඟ හරස් කර ගෙල බැඳි පෙන්ඩනය සහිත රන්මාලය කොල්ල කන්න හදලා – තුසිත කුමාරද සිල්වා

බේරුවල පොලිසියේ සේවයට සිය යතුරුපැදියෙන් පැමිණෙමින් සිටි පොලිස් කාන්තා සැරයන් වරියකව තවත් යතුරුපැදියකින් පැමිණි නහඳුනන පුද්ගලයන් දෙදෙනකු වලතර, හෙරලත්තුඩුව පාලම අසලදී මගහරස්කර නවතා ඇය ගෙල පැළඳ සිටි පෙන්ඩනය සහිත රන්මාලය කඩා ගැනීමට යාමේදී එම සොරුන් පෙන්ඩනය පමණක් කඩාගෙන පැනගොස් ඇතැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් බේරුවල පොලිසිය විමර්ශන ආරම්භ කර ඇතැයි අදකීය.

එම නිලධාරිනිය මෙම සිද්ධියට මුහුණ දී ඇත්තේ අලුයම පහයි තිහට පමණ බේරුවල පොලිස් වසමේ වලතර,හෙරලත් තුඩුව පාලම පසු කරනවාත් සමග බවත් , සිය සේවා ස්ථානය වන බේරුවලපොලිසියට පැමිණි විගස එම නිලධාරිනිය ස්ථානාධිපතිවරයා දැනුවත් කරපැමිණිල්ලක් ද සටහන් කිරීමෙන්පසු අපරාධ විමර්ශන නිලධාරීන් සිදුවූ ස්ථානය පරික්ෂාවට ලක් කර අවට කැමරා දර්ශන නිරීක්ෂණය කරමින් සැකකරුවන් දෙදෙනා අත්අඩංගුවට ගැනීමට වැඩිදුර විමර්ශන ක්‍රියාත්මක කර ඇති බව බේරුවල පොලිස් ස්ථානාධිපති එම්.ආර්. නවරත්නමහතා පැවසීය.
අපරාධ විමර්ශන නිලධාරීන් සිදුකළ පරීක්ෂණවලින් අනාවරණය කරගෙන ඇත්තේ කීරන්තිඩ්ය බදනගොඩ දෙස සිට පැමිණ ඇති සැකකාර යතුරුපැදියෙ දෙදෙනා හෙරලත්තුඩුව පාලම පසුකර පොලිස් නිලධාරිනියගේ මඟ හරස් කර යතුරුපැදිය නවතා පසු අසුනේ සිටි අය මෙම රන්දම්වැල කොල්ලකෑමට කටයුතු කර ඇතිබවයි. එහිදී පොලිස් නිලධාරිනියද ඊට ඉඩ නොදී රන්දම් වැල තදින් අල්ලාසිටියදී පෙන්ඩනය පමණක් සොරුන් අතට පත්ව්මෙන් පසු නැවතත් සොරුන් දෙදෙනා පැමිණි දිශාව වන බදනගොඩ,ප්‍රදේශයට වේගයෙන් පලා ගොස් ඇති බව පොලිසිය කීහ. එම ප්‍රදේශය කැලෑබද අවට ප්‍රදේශයක් බැවින් නිවාසද නොමැති අතර මේ වන විට ස්ථාන තුනක ආරක්ෂක කැමරා නිරීක්ෂණය කර බවත් තවදුරටත් එම පරීක්ෂාවන් සිදු කරමින් සැක කරුවන්අත්අඩංගුවට ගැනීමට කටයුතු කරනරන බව එම නිලධාරින් පැවසීය.
බේරුවල පොලිස් ස්ථානාධිපති එම්.ආර්. නව රත්න මහතාගේ උපදෙස්මත අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක දිනෙස්සිල්වා, උප පොලිස් පරීක්ෂක මදුශංක යන මහත්තුරුඇතුළු පිරිසක් පරීක්ෂණ සිදු කරයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *