‘ක්ලීන් ශ්‍රී ලංකා අත්තම’ තුන්වන වැඩසටහන ඔක්තෝබර් 31දා දිවයින පුරා

ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහන යටතේ ක්‍රියාත්මක වන ‘ක්ලීන් ශ්‍රී ලංකා අත්තම’ ජාතික පවිත්‍රතා හා පරිසර සුරැකීමේ තුන්වන වැඩසටහන ඔක්තෝබර් 31 වනදා දිවයින පුරා ආරම්භ කරන බව ජනාධිපති අතිරේක ලේකම් එස්. පී. සී. සුගීෂ්වර මහතා පැවසීය.

ඒ අනුව, දිවයින පුරා සෑම ග්‍රාම නිලධාරී වසමකම ප්‍රජා සහභාගිත්වයෙන් වැඩසටහන් සංවිධානය කිරීමට නියමිතය.

අත්තම වැඩසටහන පිළිබඳව දැනුවත් කිරීම සඳහා අද (28) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති මාධ්‍ය හමුවට එක්වෙමින් ජනාධිපති අතිරේක ලේකම්වරයා මේ බව සඳහන් කළේය.

ගම්මානවල පොදු අවශ්‍යතා හඳුනාගෙන ඒවා ඉටු කිරීමේ අරමුණින් මෙම වැඩසටහන ක්‍රියාත්මක කෙරේ. ඒ යටතේ ගම්මානවල මාර්ග පිරිසිදු කිරීම, අත්හැර දමා ඇති පොදු ළිං නැවත භාවිතයට ගත හැකි පරිදි ප්‍රතිසංස්කරණය කිරීම සහ ප්‍රදේශයට අවශ්‍ය දැනුවත් කිරීමේ වැඩසටහන් පැවැත්වීම වැනි කටයුතු සිදු කිරීමට අපේක්ෂා කෙරේ.

මෙම කටයුතු සඳහා මහජනතාව, පෞද්ගලික අංශය, ව්‍යාපාරික ප්‍රජාව සහ රාජ්‍ය නිලධාරීන් එක්ව දායක වනු ඇත.

රට තුළ සංස්කෘතිකමය වෙනසක් ඇති කිරීමටත්, යහපත් සමාජ පුරුදු නැවත ස්ථාපිත කිරීමටත් මෙම වැඩසටහන දායක වනු ඇතැයි විශ්වාස කරන බව ද සුගීෂ්වර මහතා පැවසීය.

වැඩසටහන සාර්ථක කර ගැනීම සඳහා ප්‍රාදේශීය මට්ටමේ දේශපාලන නායකයන්, දිස්ත්‍රික් ලේකම්වරුන්, ප්‍රාදේශීය ලේකම්වරුන් ඇතුළු රාජ්‍ය නිලධාරීන් නායකත්වය ලබාදීමට නියමිතය.

END/GONP/MMP/28102026

Leave a Reply

Your email address will not be published. Required fields are marked *