යතුරු පැදියක් ප්‍රතිවිරුද්ධ දිසාවෙන් පැමිනි ලොරි රථයක මුහුනට මුහුණ ගැටී පුද්ගලයෙකු මිය යයි – වසන්ත රෝහණ සමරවර්ධන

කෑගල්ල,අවිස්සාවේල්ල මාර්ගයේ දෙහිඕවිට, ඊරියගොල්ල ප්‍රදේශයේ දී 26 වන දින සවස ප්‍රදේශයේ සිදු වූ රිය අනතුරකින් පුද්ගලයෙකු මිය ගොස් ඇති බව දෙහිඕවිට පොලීසිය පවසයි.මෙසේ මිය ගොස් ඇත්තේ රුවන්වැල්ල මොරලිය ප්‍රදේශයේ පදිංචි රාසයියා කුමාර් නැමති වයස අවුරුදු 60 පමන අයෙකි.

මියගිය පුද්ගලයා යතුරු පැදියකින් ත ගමන් කර ඇති අතර එම අවස්ථාවේ ප්‍රතිවිරුද්ධ දිසාවෙන් පැමිනි ලොරි රථයක මුහුනට මුහුණ ගැටී තිබෙයි.පසුව යතුරු පැදිකරු කරවනැල්ල රෝහලට ඇතුලත් කිරීමේ දී මිය ගොස් ඇති අතර ලොරි රථයේ රියදුරු දෙහිඕවිට පොලීසිය විසින් අත්තඩංගුවට ගෙන තිබෙයි.සැකකරු 27 වන දින අවිස්සාවේල්ල මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.අනතුර පිලිබදව වැඩිදුර පරික්ෂණ දෙහිඕවිට පොලීසිය පවත්වයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *