බුද්ධශාසන අමාත්යවරයා අස්ගිරි අනුනාහිමිපාණන් වහන්සේ බැහැදකී
බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්ය ආචාර්ය හිනිදුම සුනිල් සෙනෙවි මහතා අද (21) තෙල්දෙණිය නාලන්දා මහා විහාර පිරිවෙන වෙත ගොස්, කැලණිය විශ්වවිද්යාලයේ කුලපති, අස්ගිරි පාර්ශ්වයේ අනුනායක අතිපූජ්ය නාරම්පණාවේ ආනන්ද නාහිමිපාණන් වහන්සේ බැහැදැක ආශීර්වාද ලබා ගත්තේය.
සම්බුද්ධ ශාසනයේ චිරස්ථිතිය සහ දැයේ අභිවෘද්ධිය වෙනුවෙන් දශක ගණනාවක් පුරා උන්වහන්සේ ඉටුකරනු ලබන ජාතික හා ශාසනික මෙහෙවර මෙහිදී අමාත්යවරයාගේ ගෞරවාදරයට ලක්විය.
මහනුවර දිස්ත්රික් පාර්ලිමේන්තු මන්ත්රී ඊ.එම්. බස්නායක මහතා ඇතුළු මහජන නියෝජිතයෝ පිරිසක් ද මෙම අවස්ථාවට එක්වූහ.
END/GONP/MMP/21102026
