උඩවලව ජලාශයේ වාන් දොරටු විවෘත කිරීමේ අවදානමක්
උඩවලව ජලාශයේ පෝෂක ප්රදේශවලට තවදුරටත් වර්ෂාව ලැබුණහොත් ඉදිරි දිනවලදී වාන් දොරටු විවෘත කර වලවේ ගඟට ජලය මුදාහැරීමට සිදුවිය හැකි බව ශ්රී ලංකා මහවැලි අධිකාරිය නිවේදනය කරයි.
ඒ අනුව, උඩවලව වේල්ලෙන් පහළ වලවේ ගඟ දෙපස සහ අම්බලන්තොට ප්රදේශයේ ජනතාව ගඟට බැසීමෙන් වළකින ලෙසත්, ගඟ භාවිත කිරීමේදී ආරක්ෂාකාරීව කටයුතු කරන ලෙසත් අධිකාරිය දැනුම් දෙයි.
වාන් දොරටු විවෘත කිරීම සම්බන්ධයෙන් තීරණයක් ගතහොත් ඒ පිළිබඳව කල්තියා දැනුම් දෙන බව ද අධිකාරිය වැඩිදුරටත් සඳහන් කරයි.
END/GONP/MMP/21102026
