අපවත් වී වදාළ කැප්පිටියාගොඩ සිරි විමල නාහිමියන්ගේ ආදාහන පූජෝත්සවය අද!

ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ අනුනායක, ගැටඹේ රාජෝපවන රාමාධිපති අතිපූජ්‍ය කැප්පිටියාගොඩ සිරි විමලාභිධාන නාහිමිපාණන් වහන්සේගේ ආදාහන පූජෝත්සවය අද (21) රාජ්‍ය අනුග්‍රහය යටතේ පැවැත්වීමට නියමිතය.

ඒ අනුව, උන්වහන්සේගේ ශ්‍රී දේහය පිළිබඳ ආදාහන පූජෝත්සවය ගැටඹේ නගර සභා ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට කටයුතු යොදා තිබේ. අපවත් වන විට 96 වැනි වියේ පසුවූ අතිපූජ්‍ය කැප්පිටියාගොඩ සිරි විමලාභිධාන නාහිමිපාණන් වහන්සේ ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ අනුනායක ධුරය හෙබවූ අතර, සම්බුද්ධ ශාසනයේ උන්නතිය වෙනුවෙන් මෙන්ම ආගමික හා සමාජීය කටයුතු වෙනුවෙන් ද කැපවී කටයුතු කළ යතිවරයාණන් වහන්සේනමකි.

ගැටඹේ රාජෝපවනාරාම විහාරස්ථානය කේන්ද්‍ර කරගනිමින් මෙරට බෞද්ධ පුනර්ජීවනය සහ සංස්කෘතික අභිවෘද්ධිය උදෙසා උන්වහන්සේ සුවිශාල මෙහෙවරක් ඉටු කළහ. උන්වහන්සේගේ අපවත්වීම මෙරට ශාසනික ක්ෂේත්‍රයට මෙන්ම බෞද්ධ ජනතාවට ද බලවත් පාඩුවකි. ආදාහන පූජෝත්සවය සඳහා මහා සංඝරත්නය, රාජ්‍ය නිලධාරීන් සහ ප්‍රදේශවාසීන් ඇතුළු පිරිසක් සහභාගි වීමට නියමිතය.

END/GONP/MMP/21102026

Leave a Reply

Your email address will not be published. Required fields are marked *