තද සුළං ගැන අවවාදාත්මක නිවේදනයක්

හම්බන්තොට සිට පොතුවිල් දක්වා වන මුහුදු ප්‍රදේශ සඳහා තද සුළං සහ රළු මුහුද පිළිබඳ අවවාදාත්මක නිවේදනයක් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර තිබෙනවා.

ඒ අනුව එම මුහුදු ප්‍රදේශවල සුළගේ වේගය පැයට කිලෝමීටර් 50 සිට 60 දක්වා ඉහළ යා හැකියි.

එමෙන්ම හලාවත සිට ගාල්ල, මාතර සහ හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල රළ මීටර 2 සිට 3 දක්වා ඉහළ යාමේ හැකියාවක් පවතින බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කළේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *