සැප්තැම්බර් 14 සිට 19 දක්වා රටපුරා විශේෂ ඩෙංගු මර්දන වැඩසටහනක්

එළඹෙන ඩෙංගු අවදානමට පෙර සූදානමක් ලෙස සැප්තැම්බර් 14 සිට 19 දක්වා රටපුරා විශේෂ ඩෙංගු මර්දන වැඩසටහනක් ක්‍රියාත්මක කරන බව ක්ලීන් ශ්‍රී ලංකා ලේකම් කාර්යාලයේ අතිරේක අධ්‍යක්ෂ ජනරාල් ඉන්දික ගමගේ මහතා පැවසීය.

ඒ මහතා මේ බව පැවසුවේ අද (11) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමිනි.

MOH ප්‍රදේශ 62ක් ආවරණය වන පරිදි ක්‍රියාත්මක කෙරෙන මෙම වැඩසටහන සඳහා විශේෂ මෙහෙයුම් මැදිරියක්ද ස්ථාපිත කරන බවත්, මහජනතාවට තම ගැටලු සෘජුවම එම මධ්‍යස්ථානය වෙත ඉදිරිපත් කිරීමට හැකියාව පවතින බවත් ඒ මහතා සඳහන් කළේය.

එල් නිනෝ තත්ත්වය හමුවේ ඉදිරියේදී ඇතිවිය හැකි ඩෙංගු අවදානම සම්බන්ධයෙන් පූර්ව සූදානමක් අවශ්‍ය බවත්, ඒ අනුව වැඩිම අවදානමක් පවතින ප්‍රදේශ හඳුනාගෙන මෙම විශේෂ වැඩසටහන ක්‍රියාත්මක කරන බවත් ඉන්දික ගමගේ මහතා වැඩිදුරටත් පැවසීය.

END/GONP/MMP/11092026

Leave a Reply

Your email address will not be published. Required fields are marked *