හලාවත වැවිලි සමාගමේ 2026-2029 ට අදාල සාමූහික ගිවිසුම අත්සන් කරයි!

හලාවත වැවිලි සමාගමේ වතු කලාප වල සේවයේ නියුතු කාර්ය මණ්ඩල සම්බන්ධයෙන් වන 2026-2029 කාලයට අදාල සාමූහික ගිවිසුම අත්සන් කිරීම හලාවත වැවිලි සමාගම සහ ලංකා වතු සේවක සංගමය අතර 2026/09/11 අද දින වතු හාම්පුතුන්ගේ සංගම් පරිශ්‍රයේදී ( Employees Federation) සිදුකෙරිණි.

එහිදී, සාමූහික ගිවිසුම යටතට ගැනෙන වතු කාර්ය මණ්ඩලයන්හි,

-වාර්ෂික වැටුප් පළමු වර්ෂ දෙක තුළ 25% කින් හා අවසාන වර්ෂයේදී තවත් 5% කින් ඉහළ දැමීම.
-ජීවන වියදම් දීමනා රුපියල් 10,000.00 මූලික වැටුපට එකතු කිරීම.
-වාර්ෂික වැටුප් වර්ධකය 20% කින් ඉහළ දැමීම.
-ගෙවල් කුලී දීමනාව සහ වැඩ ආවරණ දීමනාව ඉහල දැමීමට කටයුතු කිරීම.
-මරණාධාර දීමනාව රුපියල් 200,000.00 දක්වා ඉහල දැමීම.
-ශ්‍රමාභිමානී ශිෂ්‍යත්ව වැඩසටහන යටතේ,  5 වසර ශිෂ්‍යත්වය සමත් දරුවකුට උසස් පෙළ දක්වා අධ්‍යාපනය ලබන තෙක් මාසිකව ලබා දෙනු ලබන දීමනාව රුපියල් 5,000.00 දක්වා ඉහළ දැමීම.

-දහය වසරේ සිට උසස් පෙළ දක්වා අධ්‍යාපනය ලබන දරුවකුට මාසිකව ලබාදෙනු ලබන දීමනාව රුපියල් 5,000.00 දක්වා ඉහළ දැමීම.

-විශ්ව විද්‍යාල අධ්‍යාපනයට යොමුවන දරුවකුට විශ්ව විද්‍යාලයෙහි අධ්‍යාපනය ලබන කාල සීමාව තුළ මාසිකව ලබා දෙනු ලබන දීමනාව රුපියල් 7,500.00 දක්වා ඉහළ දැමීම සිදු කරන ලදී.

-ප්‍රසාද් පූර්ණිමාල් 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *