රුපියල් කෝටි තුනකට ආසන්න බඩු මාරවිලදී මාට්ටු , බෝට්ටු හතරක් පලා යයි – ප්‍රසාද් පුර්ණමාල් (වීඩියෝ සහිතයි )
මාරවිල මුදුකටුව මුහුදු වෙරළට ගොඩ බාමින් තිබු විදේශීය දුම්වැටි තොගයක් හා බිඩි කොළ තොගයක් අත්අඩංගුවට ගැනීමට මාරවිල මුලස්ථාන පොලිසිය සමත්ව තිබේ ඊයේ 09 රාත්‍රියේ මේ වැටලීම සිදු කර ඇත . පොලිසිය එම ස්ථානය වටලන අවස්ථාවේ එම ස්ථානයේ තිබු බෝට්ටු හතරකින් සැකකරුවන් පැන ගොස් තිබේ .
මෙහිදී අත්අඩංගුවට පත්වූ දුම්වැටි හා බිඩි කොළ තොගයේ වටිනාකම රුපියල් කෝටි තුනකට අසන්න බව මේ වන විට ගණන් බලා තිබේ. මෙහි විදේශරටක නිෂ්පාදිත දුම්වැටි
90,000 ක් හා බිඩි කොළ කිලෝ 1324 ක් තිබී ඇත .
පසුගිය කාලය තුල වයඹ භටහිර වෙරල තිරයෙන් නීති විරෝධී ලෙස ඉන්දියාවේ සිට බෝට්ටු මගින් භාණ්ඩ හා මත්ද්‍රව්‍ය රැගෙන එම වැඩි වීමක් දක්නට ලැබුණු අතර එම තාවය පාලනය කර නීති විරෝධී ජාවාරම් වල යෙදෙන්නන් අත්අඩංගුවට ගැනීම සදහා වයඹ ජෞශ්ධ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා විසින් සකස් කල නව වැඩපිළිවෙල යටතේ මාරවිල මුලස්ථාන පොලිස් පරීක්ෂක සරත් සමරවික්‍රම මහතාට ලැබුණ ඔත්තුවක් මත මේ වැටලීම සිදුකර තිබේ .
පුත්තලම නියෝජ්‍ය පොලිස්පති දමයන්ත විජේ ශ්‍රී මහතාගේ නියෝග පරිදි හලාවත ජෞශ්ධ පොලිස් අධිකාරී රොහාන් පෙරේරා මහතාගේ උපදෙස් මත නාත්තන්ඩිය සහකාර පොලිස් අධිකාරී ධම්මික හපුගොඩ මහතාගේ මෙහෙයවීම මත මාරවිල මුලස්ථාන පොලිස් පරීක්ෂක සරත් සමරවික්‍රම මහතා ඇතුළු මාරවිල පොලිසියේ පොලිස් නිලධාරීන් කණ්ඩායමක් මේ වැටලීම සිදු කර ඇත .
දුම්වැටි තොගය මාරවිල අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබු අතර බිඩි කොළ තොගය ශ්‍රී ලංකා රේගුවට භාරදීමට නියමිතව ඇත .
