රනිල් වික්‍රමසිංහට ඇප!
ඉදිරිපත් වූ වෛද්‍ය වාර්තා සලකා බැලීමෙන් අනතුරුව, රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ ඇප මත මුදාහරිණ ලෙස කොළඹ කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය නියම කළේය.
ඒ අනුව සැකකරු රුපියල් ලක්ෂ 50 බැගින් වූ ශරීර ඇප තුනක් මත මුදා හරින ලෙසත් නියම කර තිබේ.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සහ විත්තියේ නීතිඥවරු ඉදිරිපත් කළ කරුණු සලකා බැලීමෙන් අනතුරුව කොළඹ කොටුව මහෙස්ත්‍රාත් නිලුපුලී ලංකාපුර මෙනෙවිය මෙම නියෝගය නිකුත් කර තිබේ.
රනිල් වික්‍රමසිංහ වෙනුවෙන් ඊයේ දිනයේ කොළඹට පැමිණි පාක්ෂීකයින් , හිතවතුන් සහ හදිසියේ ඒකරාශී වූ විපක්ෂයේ මහජන නියෝජිතයින් නිසා අධිකරණය අවට තදබදයක් ද නිරීක්ෂණය විය.
END/MMP/27082025
