රටකට යන්නද ඉන්නේ .අපි එනවා ඔයාල බලන්න – කම්කරු හා විදේශ රැකියා අමාත්‍යංශය කියයි

විදෙස් රැකියා අපේක්ෂකයන් දැනුවත් කිරීම සඳහා අධ්‍යාපනික ප්‍රදර්ශන, සම්මන්ත්‍රණ හා වැඩමුළු දීපව්‍යාප්තව පැවැත්වීමට කම්කරු හා විදේශ රැකියා අමාත්‍යංශය කටයුතු යොදා තිබේ.
එම අමාත්‍යංශය, මිනිස් බල හා රැකී රක්ෂා දෙපාර්තමේන්තුව,මහ බැංකුව, සේවා නියුක්තිකයන්ගේ භාරකාර අරමුදල, ශ්‍රම අධ්‍යයන ආයතනය, ජාතික වෘත්තිය පුහුණු අධීකාරිය ඇතුලු ආයතන රැසකගේ සහභාගීත්වයෙන් දිස්ත්‍රික්ක මට්ටමින් මෙම වැඩසටහන් පැවැත්වෙන බව කම්කරු හා විදේශ රැකියා අමාත්‍යංශයේ අතිරේක ලේකම් ප්‍රසාද් සිරිවර්ධන මහතා පැවසීය.
ඒ මහතා මෙම අදහස් පළ කරන ලද්දේ මහනුවර දිස්ත්‍රික්කයේ ක්‍රියාත්මක කිරීමට නියමිත ග්ලෝබල් ෆ්යාර් 2024 දෙදන ප්‍රදර්ශනයේ සංවිධාන කටයුතු පිළිබදව මහනුවර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී පැවැති සාකච්ඡාවකට එක්වෙමිනි. මහනුවර දිස්ත්‍රික් ලේකම් චන්දන තෙන්නකෝන් මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම සාක්ච්ඡාව පැවැත්විණි.
මාර්තු මස 01 හා 02 යන දිනවලදී මහනුවර බෝගම්බර පැරණි බන්ධනාගාර පරිශ්‍රයේදී මෙම ප්‍රදර්ශනය පැවැත්විමට සැලසුම් කොට තිබේ. ඒ අනුව විදේස් රැකියා අපේක්ෂකයන් පමණක් නොව වෘත්තිය පුහුණුලාභීන්, සේවා නියුක්තිකයන්, පාසල් හා උසස් අධ්‍යාපන ශිෂ්‍යයන් ඇතුලු පාර්ශව ගණනාවක් මෙහිදී දැනුවත් කරන බව අතිරේක ලේකම්වරයා කීවේය.
අනුරාධපුර හා මොනරාගල දිස්ත්‍රික් වැඩසහන් පැවැත්වූ බව කී ඒ මහතා මහනුවර දිස්ත්‍රික් අධ්‍යාපනික ප්‍රදර්ශනය ප්‍රධාන සැසි හතරක් යටතේ පැවැත්වෙන බව පැවසීය. ඒ අනුව විදෙස්ගත දෙමාපියන්ගේ දූ දරුවන් සඳහා ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ මට්ටමින් පාසල් උපකරණ ප්‍රදානය කිරීම, එම දරුවන් වෙනුවෙන් Smart පංති කාමරයක් විද්‍යාලයක් සඳහා ඉදිකොට ප්‍රදානය කිරීම සිදුවන බව අතිරේක ලේකම්වරයා කීහ.
එමෙන්ම විවිධ වෘත්තිකයන්ගේ වෘත්තිය භාවය ඉහළ නැංවීම සඳහා “ගරු – සරු ”වැඩසටහන, රැකියා විරහිත තරුණ තරුණියන් සඳහා Smart Youth, ශ්‍රම වාසනා අරමුදල මගින් සේවා නියුක්තිකයන්ගේ දූ දරුවන් දෙදහසක් සඳහා පාසල් උපකරණ ප්‍රදානය කිරීම ඇතුලු වැඩසටහන් රැසක් මේ යටතේ සිදුවන බව ද කම්කරු හා විදේශ රැකියා අමාත්‍යංශයේ අතිරේක ලේකම් ප්‍රසාද් සිරිවර්ධන මහතා තව දුරටත් සඳහන් කළේය.
මිනිස් බල හා රැකී රක්ෂා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් රුවන් කිරිඇල්ල මහතා, මහනුවර අතිරේක දිස්ත්‍රික් ලේකම් ලලිත් ඇටම්පාවල මහතා, මහනුවර දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම්වරු ඇතුලු නිලධාරීන් පිරිසක් සහභාගීවූහ.