හලාවත පදවියට නව රාජගුරු ප්‍රසාදීන්වහන්සේ කෙනෙකු පත්කරයි. – ප්‍රසාද් පුර්ණමාල් ජයමාන්න

 

හලාවත පදවියේ නව රදගුරු හිමිපාණන් ලෙස අති ගරු ආරච්චිගේ දොන් විමලසිරි අප්පුහාමි ජයසූරිය මාහිමිපාණන් පත්කර ඇති බව වතිකානුව මීට සුළු මොහොතකට පෙර නිවේදනය කර තිබෙනවා.

ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප් වහන්සේ විසින් මෙලෙස පත්කර ඇත්තේ හලාවත රදගුරු පදවියේ සිව් වැනි (4) වැනි රාජගුරු ප්‍රසාදීන් වහන්සේ වේ.

1969 වසරේ ජනවාරි මස 23 වැනිදා මීගමුවේ උපත ලද උන්වහන්සේ හලාවත දෙව්සත්හළට ඇතුළු වී ඉන් අනතුරුව අම්පිටිය ජාතික දෙව්සත්හලෙන් අධ්‍යාපන කටයුතු අවසන් කර 1997 අගෝස්තු 9 වැනිදා පූජාත්වර සක්‍රමේන්තුව ලබාගත්තේය.

ඉන් අනතුරුව පහත සඳහන් තනතුරු දරමින් උන්වහන්සේ වැඩිදුර අධ්‍යයන කටයුතු සිදු කර ඇත.

කටුනේරිය ශාන්ත සෙබස්තියන් මුනිඳුන්ගේ දේවස්ථානය (1997-1998),
තලවිල ශාන්ත ආනා සිද්ධස්ථානය (1998-1999),
වෙන්නප්පුව මිසම  (1999- 2000);
රෝමයේ පොන්ටිෆිකල් උර්බනියානා විශ්ව විද්‍යාලයේ සභා නීතිය පිළිබඳ බලපත්‍රය සහ ආචාර්ය උපාධිය (2000-2005);
හලාවත පදවියේ අධිකරණ අනුනායක හිමිපාණන් (2006-2012)
මහනුවර, අම්පිටිය,ලංකා අප ස්වාමිදූගේ ජාතික දෙව්සත්හලේ මහාචාර්ය සහ දේවධර්ම අංශයේ පීඨාධිපති (2013-2019);
2019 සිට, ඇමරිකා එක්සත් ජනපදයේ Fort Wayne-South Bend හි රදගුරු විනිශ්චය මණ්ඩලයේ විනිසුරු සහ නිර්මල පිළිසිඳ ගැනීමේ ආසන දෙව්මැදුරේ Parochial Vicar, Fort Wayne-South Bend (2019-2020 සිට,
ෆෝට් වේන්-සවුත් බෙන්ඩ් හි ශාන්ත මරියා දේව මෑණියන්ගේ මීසම් සේවක

මෙම සේවාවන් ඉටුකිරීමෙන් අනතුරුව උන්වහන්සේ හලාවත පදවියේ නව රාජගුරු ප්‍රසාදීන් වහන්සේ ලෙස අද දින නම්කර ඇති අතර හලාවත පදවියේ නව රදගුරු හිමිපාණන් ලෙස උන්වහන්සේ කරන්නට යන්නා වූ සේවයට සුබපතමින් සුදතුම් වරමින් පිරෙමින් මරිමව් රැකවරණය තුළ කිතුබැති ජනතාවට සැබෑ එඩේරික නායකත්වයක් ලබාදීමට හැකිවන ලෙස අපි දෙවිඳුන් යදිමු.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may have missed