ශ්‍රී ලංකාවේ යෝජිත ඔන්ලයින් ආරක්ෂණ පනත් කෙටුම්පත: මර්ධනයට ආවරණයක් සහ ප්‍රජාතන්ත්‍රවාදී කතිකාවට තර්ජනයක් 

 

මෑතකදී ඉදිරිපත් කරන ලද යෝජිත ඔන්ලයින් ආරක්ෂණ පනත් කෙටුම්පත තුළ ශ්‍රී ලංකාවේ අන්තර්ජාල නිදහස සහ ප්‍රජාතන්ත්‍රවාදී කතිකාවන් සම්බන්ධයෙන් දරුණු තත්ත්වයන් ඇති කරන, පමණ ඉක්මවා යන සහ නොපැහැදිලි විධිවිධාන ඇතුළත් වීම ඇතුළු විවිධ කරුණු කිහිපයක් හේතුවෙන් එය දැඩිව හෙළා දකින බව අන්තර්ජාල මාධ්‍ය ක්‍රියාකාරිත්වය ප්‍රකාශ කරයි.
 
පුද්ගලයන්, විශේෂයෙන්ම ළමයින්, ඔන්ලයින් සිදුවන හානිවලින් ආරක්ෂා කිරීමේ ක්‍රමවේදයක් ලෙස නිරූපණය වුවද, මෙම කෙටුම්පත විසම්මුතිය මැඩලීම සහ ඔන්ලයින් අන්තර්ගතයන් සහ විවරණ සම්බන්ධයෙන් අධිකාරී පාලනයක් ක්‍රියාත්මක කිරීම අරමුණු කරගත් කුරිරු පියවරක් බව ඔවුන් විශ්වාස කරන බව අද , ඔක්‍ත‍ෝබර් 02‍ ව‍ෙනිදා, මාධ්‍ය නි‍ව‍ෙිදනයක් නිකුත්කරමින් අන්තර්ජාල මාධ්‍ය ක්‍රියාකාරිත්වය ස‍දහන් කළ‍ේය.
 
 ක‍ෙටුම්පතේ විධිවිධාන පුළුල් ලෙස සකසා ඇති අතර, නොපැහැදිලි සහ නොමග යවන සුළු සමහර ක‍්‍රොටස් , විසම්මුතිය මැඩපැවැත්වීම සඳහා නොපැහැදිලි ‍ න‍ෙ‍ෙතික  ආවරණයක් යටතේ අවභාවිතා කරන්නටත් , එකාධිපති පාලනයටත් තුඩු ‍ ද‍ෙයි.  පුද්ගලික හෝ වරප්‍රසාද ලත් සන්නිවේදනයන් ආක්‍රමණශීලි  ග්‍රහනයකරගැනීම්වලට ලක් වීම වැඩිවීම සාමාන්‍යකරණය කරමින්, ශ්‍රී ලංකාවේ පවතින නිරීක්ෂණ නිරීක්ෂණ (Surveillance) රාජ්‍ය රාමුව මත ම‍ෙම නීති ක‍ෙටුම්පත ගොඩනැෙගන්නේ ෙකසේද යන්න පිළිබඳවද  ඔවුන්ග‍ේ අවධානය යොමු කරවන බව සදහන් කරයි.

ඔන්ලයින් ආරක්ෂාව පිළිබඳව ගැඹුරු සාකච්ඡාවක් ගොඩනගනවා  ව‍ෙනුවට සිදුකරන දණ්ඩමුක්තිය,  ප්‍රචණ්ඩත්වය සහ නිරීක්ෂණ මගින් දැනටමත් විනාශ වී ඇති තත්වයක් ආමන්ත්‍රණය කිරීම සඳහා අර්ථවත් උපදේශන හෝ නිවැරදි කිරීමේ ක්‍රියාමාර්ග නොගැනීම නිසා ඇති වී ඇති තත්ත්වයන් තවදුරටත්, ම‍ෙම ක‍ෙටුම්පත තුළින් වර්ධනය කරනුලබන බව ප්‍රකාශ කරයි.
 
“ක‍ෙටුම්පත තුළ එය බලාත්මක කිරීම සම්බන්ධෙයන් වන මූලික වැරදි අවබෝධයක් ඇති බව පවසන අන්තර්ජාල මාධ්‍ය ක්රියාකාරිත්වය,   නව හිමිකම් උල්ලංඝනය කිරීම්වලට අදාළ විය හැකි අත්තනෝමතික නියෝගවලට ගෝලීය සහ ප්‍රමුඛ ෙපළේ සමාජ මාධ්‍ය ආයතන අනුකූල වනුඇතැයි අපේක්ෂා කිරීම යථාර්ථවාදී නැති බව  නිදසුනක් වශෙයන් ‍ ප‍ෙන්වා ‍ ද‍ෙයි. 2013 වසරේ සිට ශ්‍රී ලංකාව තුළ සාර්ථකව අත්හදා බලා ඇති සහ බොහෝ දුරට බලයේ සිටින්නන්ට සේවය කරන සම්බන්ධීකෘත අසත්‍ය හැසිරීම් ( Coordinated Unauthenticated Behaviors) හරහා ඇති වන සැබෑ හානි  ම‍ෙම ක‍ෙටුම්පත‍ෙන් ආමන්ත්‍රණය නොකරයි. ක‍ෙටුම්පතේ භාෂාව මගින් වේගෙයන්  ව‍ෙනස් වන සංකීර්ණ සම්බන්ධීකෘත අසත්‍ය හැසිරීම්හි ගතිකත්වයන් සමඟ කටයුතු කිරීමට අවශ්‍ය තාක්‍ෂණික සහ සන්දර්භාත්මක අවබෝධය නොමැතිකම ප‍ෙනී යයි. ශ්‍රී ලංකාවේ ඩිජිටල් කතිකාව සම්බන්ධෙයන් සැළකිය යුතු බලපෑමක් ඇති කරන බවට අධ්‍යයනය කර ඇති චීනෙයන් ආදී එල්ලවන බලපෑම්  ම‍ෙහ‍ෙයුම් ආමන්ත්‍රණය කිරීමට  ක‍ෙටුම්පත අසමත් වේ.”
 
තවද, ශ්‍රී ලංකාවේ නීති ක‍ෙටුම්පත සහ සිංගප්පූරුවේ (Protection from Online Falsehoods and Manipulation Act)  සංසන්දනය කරන විද්වත්හු ජාතීන්  ද‍ෙක අතර ඇති දේශපාලන, තාක්‍ෂණික සහ සමාජ
සන්දර්භයන්හි ඇති විශාල  ව‍ෙනස සැළකිල්ලට නොග‍ෙන නීති සම්පාදනය කිරීමේ නුසුදුසුකම ප‍ෙන්වා ද‍ෙති. විවේචකයන් විසින් ප‍ෙන්වා ද‍ෙන සිංගප්පූරු පනෙතහි ඇති ගැටලුකාරී බව, වේගෙයන් ප්‍රජාතන්ත්‍රවාදය හීන ව‍ෙමින් යන ශ්‍රී ලංකාවේ මානව හිමිකම් සඳහා සම්පූර්ණෙයන්ම ව්‍යසනකාරී වනුඇති බව ද පවසයි.
 
යෝජිත නීතිය මාධ්‍යවේදීන්ට, ප්‍රහසනකරුවන්ට, ඩිජිටල් නිර්මාණකරුවන්ට සහ විසම්මුතිය ප්‍රකාශ කරන සියලුම පුරවැසියන්ට බරපතල තර්ජනයක් පවතින ආකාරෙයන් සම්මත වුවහොත්  ම‍ෙම නීතිය නොවරදවාම රාජ්‍ය අනුමැතිය ලත් විසම්මුතිය මර්දනය කිරීමේ  ම‍ෙවලමක් බවට පත්වනු ඇති බව සදහන් කරන අන්තර්ජාල මාධ්‍ය ක්රියාකාරීත්ව‍ය ,  “අපි  ක‍ෙටුම්පත අවිවාදෙයන්ම ප්‍රතික්ෂේප කරන අතර, එය නිවැරදි කළ නොහැකි දෝෂ සහිත එකක් බව විශ්වාස කරමු යැයි ද , සෑම අවස්ථාවක ම‍ෙන් ම, අපි ශ්‍රී ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදී විභවය වඩා පරිපූර්ණව සාක්ෂාත් කර ගැනීම සඳහා මූලධර්ම ආරක්ෂා කරමින්, ඔන්ලයින් ආරක්ෂාව සඳහා වඩාත් සමබර, යෝග්‍ය, අර්ථවත්, විනිවිද ප‍ෙ‍න‍ෙන ප්‍රවේශයක් ව‍ෙනුව‍ෙන් ප‍ෙනී සිටිනවා” යනු‍ව‍ෙන් එහි කැදවුම්කරු සම්පත් සම‍ර‍ක‍ෝන් ‍ග‍ේ අත්සනින් යුතුව අද දින නිකුත් කළ මාධ්‍ය නි‍ව‍ේදන‍ය‍ෙන් අවධාරණය ‍ ක‍ොට  ප්‍රකාශ කරයි.
 
IMA යනු වෙබ් සහ අන්තර්ජාලය ඇතුළුව සබැඳි සංසදවල අන්තර්ගතයට පවතින සහ මතුවන තර්ජන දෙස විශේෂයෙන් බලන මාධ්‍ය සාමූහිකයකි. 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *