හිල්ටන් හෝටල් සමූහයේ අති සුඛෝපභෝගී හෝටලය වන හිල්ටන් යාල රිසෝර්ට් (Hilton Yala Resort) හෝටලය විවෘත කෙරේ

Melwa Hotels & Resorts Private Limited සහ Hilton හෝටල් සමූහය අතර අත්සන් කෙරුණු කළමනාකරණ ගිවිසුමක් අනුව සැකසූ මෙම අති සුඛෝපභෝගී හෝටලය විලා 42 කින් සමන්විතයි.
යාල ජාතික වනෝද්‍යානය ආසන්නයේ පළටුපාන ප්‍රදේශයේ මෙම හෝටලය පිහිටා ඇති අතර ස්වභාවික පරිසරය ආරක්ෂා කරමින් එහි උපරිම වින්දනය ලබා ගත හැකි ආකාරයට මෙය නිර්මාණය කර තිබීම විශේෂත්වයකි.
එම හේතුවෙන් යාල ජාතික වනෝද්‍යානයේ අසිරිමත් බව ඉතාම හොඳින් වින්දනය කරමින් ඉහළ තත්වයේ සේවාවක් ලබාගැනීමට සංචාරකයින්ට මෙම මෙමගින් අවස්ථාව උදාවනු වනු ඇත
හෝටලය විවෘත කිරීමේ අවස්ථාවට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සමඟ මහාචාර්ය මෛත්‍රී වික්‍රමසිංහ මහත්මිය සහ ශ්‍රී ලංකාවේ ඇමෙරිකානු තානාපති ජුලී චංග් මහත්මිය ඇතුළු ආරාධිතයින් රැසක් එක් විය.
සමාරම්භක අවස්ථාවට එක්වූ ජනාධිපතිවරයා එහිදී අදහස් දක්වමින්, මෙරට ආර්ථිකය ගොඩනැඟීමේ ඉලක්ක කඩිනමින් සපුරා ගත හැකි ප්‍රමුඛ ක්ෂේත්‍රය සංචාරක කර්මාන්තය බවත් වැදගත් තීන්දු තීරණ රැසක් ගනිමින් එහි ප්‍රවර්ධනය වෙනුවෙන් රජය ප්‍රමුඛ අවධානයක් යොමු කර තිබෙන බවත් පැවසීය.
මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකා සංචාරක හා හෝටල් කළමනාකරණ ආයතනය විසින් සංචාරක අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතාගේ උපදෙස් මත ඉදිරියේදී ක්‍රියාත්මක කිරීමට නියමිත සංචාරක සේවා හා හෝටල් කළමනාකරණ පාඨමාලා සඳහා දිවයිනේ පළාත් 9 යෙන්ම තෝරාගනු ලබන සිසුන් 2500 ක් දෙනා සංකේතවත් කරමින් සිසුන් 09 දෙනෙකු සඳහා පාඨමාලාවන්ට ඇතුළත් කර ගැනීමේ ලිපි ප්‍රදානය කිරීම ශ්‍රී ලංකා සංචාරක හා හෝටල් කළමනාකරණ ආයතනයේ සභාපති ශිරන්ත පීරිස් මහතා විසින් සිදු කරන ලදී.
hilton yala resort හෝටලය නිල වශයෙන් විවෘත කිරීම සංකේතවත් කරමින් ජනාධිපතිවරයා විසින් එහි යතුර හෝටලයේ සාමාන්‍යධිකාරී ගීතාංජලී චක්‍රවර්ති මහත්මිය වෙත ලබාදීම ද සිදු කෙරිණි.
හෝටලය විවෘත කිරීමේ අවස්ථාවට සහභාගි වූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා යාල ජාතික වනෝද්‍යානය තුළ නිරීක්ෂණ චාරිකාවක ද නිරත විය.
එම අවස්ථාවේදී පවතින අධික වියළි කාලගුණ තත්ත්වය හේතුවෙන් පීඩාවට පත් වන සතුන් සඳහා ජලය ලබාදීමේ ක්‍රියාවලිය නිරීක්ෂණය කරමින් එය විධිමත් කිරීම සඳහා අවශ්‍ය උපදෙස් ලබාදීම ද ජනාධිපතිවරයා විසින් සිදු කරන ලදී.
ජනාධිපතිවරයා සමග මෙම නිරීක්ෂණ චාරිකාව සඳහා ශ්‍රී ලංකාවේ ඇමෙරිකානු තානාපති ජුලී චංග් මහත්මිය ද සහභාගි විය.