ශ්‍රී ලංකා සහ ඉන්දියානු වන්දනාකරුවන් වාර්ෂික කච්චතිව් මංගල්‍යයට එක්වෙති – – මෙලනි මානෙල් පෙරේරා

කච්චතිව් හී වාර්ෂික ශාන්ත අන්තෝනි මංගල්‍යය 2023 මාර්තු 3 සහ 4 දෙදින තුළ, ප්‍රධාන වශයෙන් ඉන්දියාවේ ධීවරයින් සහ පූජකවරුන් 2500 කට ආසන්න පිරිසකගේ සහ ශ්‍රී ලාංකික වන්දනාකරුවන් 3000 ක්ගේ සහභාගීත්වයෙන් යුතුව පැවැත්වුණු වන බව ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය පවසයි.

ශාන්ත අන්තෝනි මුනිඳුන්ගේ මංගල්‍යය සාම්ප්‍රදාය අනුගමනය කරමින් මාර්තු 04ල සෙනසුරාදා පෙරවරු 7.30 ට, කොළඹ අගරදගුරු පදවියේ සහකාර රදගුරු ඇන්ටන් රංජිත් පිල්ලෙනායගම් රදගුරුතුමන්ගේ ප්‍රධානත්වයෙන් යාපනය රදගුරු පදවියේ අනුනායක ජෝසප් පතිනාදන් ජෝශප්දාස් ජෙබාරත්නම් පියතුමාගේ සහභාගීත්වයෙන් යුතුව මංගල දිව්‍ය පූජාව පැවත්විණි.

තමිල්නාඩුවේ වෙරළබඩ ප්‍රදේශ වන රාමේෂ්වරම්ල තංගච්චිමඩම්ල කරයික්කාල් සහ නාගපට්ටිනම් යන ප්‍රදේශවලින් බැතිමතුන් 2198 දෙනෙකු ට්‍රෝලර් යාත්‍රා 72 කින් සිකුරාදා දිවයිනට පැමිණියහ.

මීට අමතරව යාපනය, මන්නාරම, තලෙයිමන්නාරම, හලාවත සහ මීගමුව යන ප්‍රදේශවලින් වන්දනාකරුවන් 2900ක් පමණ දෙරටේ ධීවර ජනතාවගේ සහභාගිත්වයෙන් වාර්ෂිකව පවත්වනු ලබන විශේෂ මංගල්‍යයට සහභාගි වීමට මගී යාත්‍රාවලින් හෝ තමන්ගේම බෝට්ටුවලින් ගමන් කළහ.

උත්සවය  ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර ශක්තිමත් මිනිස් සම්බන්ධතාවක් අවධාරනය කරන අතර ම සමුද්‍ර අසල්වැසි ධීවර ප්‍රජාවන් අතර ද සමීප අන්තර්ක්‍රියා සඳහා මග පාදයි, යනුවෙන් ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය පවසයි.

මංගල්‍යයට අමතරව, ඉන්දීය සහ ශ්‍රී ලංකා වන්දනාකරුවන්ගේ ශිල්පීය නිර්මාණ ප්‍රදර්ශනය කිරීමේ සහ අලෙවි කිරීමේ කුටි ද පිහිටුවා තිබු අතර, එය උත්සවයට තවත් වර්ණයක් එක්කළ බව මහ කොමසාරිස් කාර්යාලය සඳහන් කරයි.

මෙවර උත්සව සංවිධානය කිරීම සඳහා ඉන්දීය රජය මූල්‍ය ආධාර ලබා දී ඇති අතර, යාපනයේ ඉන්දීය කොන්සල් ජනරාල් රාකේෂ් නට්‍රාජ් සහ කොන්සල් කාර්යාලයේ අනෙකුත් නිලධාරීන් උත්සවයේ විශේෂ ආරාධිතයන් ලෙස සහභාගි වූ බව ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය පවසයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may have missed