පරණ පාලම ඉවත් කිරිමේ අක්‍රමිකතා නිසා අලුත් පාලමත් අහිමිවීමේ අවධානමක්

වටවල – ඥානානන්ද ගම්මානය වෙත මහවැලි ගග හරහා ඉදිකර තිබු භාවිතයට නොගන්නා පැරණි පාලම ගලවා ගඟ හරහා දැමීම නිසා අලුත් පාලම ද කඩා වැටිමේ අවධානමක් මතුව තිබෙන බව ප්‍රදෙශවාසින් මැසිවිලි නගති.

හැටන් – වටවල නගරයේ සිට වටවල ඥානානන්ද ගමිමානය සදහා පිවිසීමට තිබෙන ප්‍රධාන මාර්ගය මහවැලි ගංගාව හරහා පාලමක් ඔස්සේ යෙදි තිබේ.එම ගම්මානය වෙත පිවිසිම ට නව පාලමක් ඉදිකර වසර 10 ට වැඩි කාලයක් ඉක්ම ගොස් තිබේ .පැරණි පාලම භාවිතා කරමින් රථ වාහන සදහා එගොඩ මෙගොඩ ගමන් කල නොහැකි නිසා නව පාලම ඉදි කරන ලදී .නව පාලම ඉදිකිරිමත් සමග පැරණි පාලම ඉවත් නොකර තිබුනත් ගම්වාසින් විසින් එය භාවිතා කලේ නැත .කෙසේ වෙතත් පසුගිය කාලයේ පැරණි පාලමේ එක් පැත්තකින් කඩා වැටිමත් සමග එම පාලම එම ස්ථානයෙන් ඉවත් කරන ලෙසට අඹගමුව ප්‍රාදේශිය සභාව විසින් කොන්ත්‍රාත් කරුවකුට පවරා තිබින .ඔහු එහි දෙපස යකඩ කොටස් පමණක් රැගෙන ගිය බවත් පලමේ ඉතිරි කොටස ගඟ හරහා දමා යාම නිසා ගැටළු රැසක් ඇතිවෙමින් තිබෙන බව ගම්වාසීන් පෙන්වා දෙති .

ඔවුන් පවසන පරිදි පැරණි පාලමේ කොටස ගංගාව හරහා තිබිම නිසා ජලය නිදහසේ ගලා බැසීමට ඇති අවහිරය නිසා එම ස්ථානයේ ඇතිවන කැලඹිම හේතුවෙන් ගංගාව දෙපස ඉවුර කාදනය වෙමින් තිබේ .වැසි සහිත දිනවල පවතින සැඩ පහරට එම තත්ත්වය තිවුර වී තිබේ.

එම නිසා නව පාලම හා ඒ අවට ඉවුරත් පාලමේ ආරක්ෂිත පැති බැම්මත් සේදී යාම නිසා පාලම කඩා වැටිම තුලින් ඥානානන්ද ගමේ පවුල් 300 ට පමණ ප්‍රධාන පිවිසුම් මාර්ගය අහිමි වේ .එහි වෙසෙන පාසල් වයසේ දරුවන්ගේ අධ්‍යාපනයට .රැකියාවලට නිරත පිරිස .රෝගින් ඇතුළු සමස්ත පිරිසකට දැඩී බලපෑමක් එල්ල වනු ඇත.

එමෙන්ම ඒ අසලම පිහිටි ඇගලුම් කාර්මාන්ත හලේ සේවය කරන පිරිස 1000 ක් පමණ වේ.එහි ගොඩනැගිලි වලටද හානි වීමේ අවධානමක් ඇතිවෙමින් තිබේ .

එම නිසා පැරණි පාලම ගංගාවෙන් ඉවත් කිරිමටත් කාදනය වී ඇති ඉවුරු විධිමත් ලෙස පිළිසකර කිරිම සදහාත් පියවර ගන්නා ලෙස වගකිවයුතු බලධාරීන්ගේන් ඉල්ලා සිටිති .

Leave a Reply

Your email address will not be published. Required fields are marked *