ජනාධිපතිතුමා විසින් 2022 ශ්‍රී ලංකා ආර්ථික සමුළුව අමතමින්

පවතින ආර්ථික අර්බුදයට විසඳුම් නොදෙන ආර්ථික ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක නොකර 2050 වසරට මුහුණ දිය හැකි ශක්තිමත් නව ආර්ථික ක්‍රමයක් හඳුන්වාදීමට පියවර ගන්නා බව දෙසැම්බර් 05 වැනිදා කොළඹ ෂැංග්‍රිලා හෝටලයේ පැවැති විශේෂ රැස්වීමකදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කළේය.
‘.කැළඹීමේ සිට අවස්ථාව දක්වා’ යන තේමාව යටතේ ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම සහ වඩාත්ම අපේක්ෂිත වාර්ෂික ආර්ථික උත්සවය වන 2022 ශ්‍රී ලංකා ආර්ථික සමුළුව, දෙසැම්බර් 05 වෙනිදා කොළඹ, ෂැංග්‍රිලා හෝටලයේ දී ආරම්භ කරමින් ජනාධිපතිවරයා මේ අදහස් දැක්වු බව ජනාධිපති මාධ්‍ය අංශය ප්‍රකාශ කළේය.
පවතින මෙම තත්ත්වයෙන් ගොඩ ඒම සඳහා ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ සහය ලබා ගැනීමට හැකිවනු ඇතැයි තමන් විශ්වාසය කරන බව ප්‍රකාශ කළ ජනාධිපතිවරයා , රජය ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ කාර්ය මණ්ඩල මට්ටමේ එකඟතාවකට පැමිණ ඇති බව ද පැවසීය.
එමෙන්ම විදුලිබල ක්ෂේත්‍රයට නව විකල්ප බලශක්ති හඳුන්වාදීමට කටයුතු කළ යුතු බවත්, ඒ සඳහා රජය සූදානම් බවත්, පුනර්ජනනීය බලශක්තිය වෙනුවට හරිත හයිඩ්‍රජන් බලශක්තිය කෙරෙහි අවධානය යොමු කිරීමට සැලසුම් කර ඇති බවත් ඔහු පැවසීය.