කන්තලේදී වල් අලි රංචුවක් දේපල වලට හානි කරලා – ලක්මාල් කේ. බදුගේ ත්‍රිකුණාමලය

කන්තලේ සේරුවිල ප්‍රධාන මාර්ගයේ නවය කණුව අසල පිහිටි කසල අංගනයට කඩා වැදුනු වල් අලි රංචුවක් එහි ඇති දේපල වලට හානි කර ඇතැයි කන්තලේ ප්‍රාදේශිය සභාව කියයි.

රුපියල් මිලියන 15 ක වියදමින් ඉදිකල මෙම කසල අංගනය මෙතෙක් විවෘත කර නොමැති අතර ඉදි කිරීම් අවසන්ව මාස කිහිපයක් ගතව තිබිය දි මෙම හානිය සිදුව තිබේ.

කන්තලේ ප්‍රාදේශිය සභාවේ සභාපති සමන් ඒකනායක මහතා පවසන්නේ කසල අංගනය වටා ඇති විදුලි වැට බිඳගෙන පැමිණි වන අලි රංචුව සිදුකල හානිය රුපියල් ලක්ෂ පහක් පමණ වන බවයි. කසල අංගනය වටා ඇති විදුලි වැටට අලි නිරන්තරයෙන්ම හානි කරන බැවින් අංගනයට පිටතින් ඒ වටා අගල් කැපීම හැර වෙනත් විකල්පයක් නොමැති යැයි සභාපතිවරයා වැඩිදුරටත් පවසයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *