ලීස් ට්‍රස් ඉල්ලා අස් වෙයි !

( ලන්ඩන් ඔක් 21) බ්‍රිතාන්‍ය අගමැතිනි ලීස් ට්‍රස් ඊයේ දින අගමැති ධුරයෙන් සිය ඉල්ලා අස්වීම ප්‍රකාශයට පත් කළාය.

බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තු ඉතිහාසයේ අඩුම කාලයක් ( දින  45) අගමැති ධුරය දැරු තැනැත්තිය ලෙස ඉතිහාසයට එක් වු ඇය ඩවුනින් විදියේ අංක 10 අගමැති නිල නිවස ඉදිරියේ දි සිදු කළ කෙටි ඉල්ලා අස්වීමේ ප්‍රකාශයේ දි මේසේ සඳහන් කළාය.

“මම තනතුරට පත් වූයේ බ්‍රිතාන්‍යය විශාල ආර්ථික හා ජාත්‍යන්තර අස්ථාවරත්වයක් පවතින අවස්ථාවකයි. ඒ අවස්ථාව වන විට බ්‍රිතාන්‍ය පවුල් සහ ව්‍යාපාර ඔවුන්ගේ එදිනෙදා වියදම් පියවා ගන්නේ කෙසේද යන්න ගැන කනස්සල්ලට පත්ව සිටියා. මිට සමාන්තරව  පුටින්ගේ යුක්රේනයට එරෙහි නීති විරෝධී යුද්ධය අපගේ මුළු මහාද්වීපයේම ආරක්ෂාවට තර්ජනයක් වු අතර අපේ අඩු ආර්ථික වර්ධනය නිසා බ්‍රිතාන්‍ය දිගු කලක් පසුබසිනු ඇතැයි තක්සේරුවක් ද අප වෙත තිබුනා” යැයි ප්‍රකාශ කළ ඇය තවදුරටත් මේසේ ද කීවාය.

“මම කොන්සර්වේටිව් පක්ෂයෙන් තේරී පත් වුණේ මේ තත්ත්වය වෙනස් කරන්න කොන්සර්වේටිව් පක්ෂයෙන් වරමක් ලබා ගෙන. ඒ අනුව ව්‍යාපාරික බදු සහන ලබා දුන්නේ ආර්ථිකය යලි පණ ගන්වා ගැනීමටයි.  අපි යුරෝපිය සංගමයෙන් ඉවත් වීමේ වාසිය  ලබා ගන්නා අඩු බදු -ඉහළ වර්ධන ආර්ථිකයක් සඳහා දැක්මක් අපිට තිබුනා.”

“නමුත් කොන්සර්වේටිව් පක්ෂයෙන් මා තේරී පත් වූ ජනවරම ලබා දිය නොහැකි තත්ත්වයක් අද ඇති වි තිබෙන බව මම පිළිගන්නවා. ඒ අනුව කොන්සර්වේටිව් පක්ෂයේ නායකත්වයෙන් මම ඉල්ලා අස්වන බව බ්‍රිතාත්‍ය මහරජතුමාට නිල වශයෙන් දැනුම් දුන්නා” යැයි ඇය ප්‍රකාශ කළාය.

ලීස් ට්‍රස් ගේ ඉල්ලා අස්වීම හේතු කොට ගෙන හිස් වු අගමැති ධුරයට අනුප්‍රාප්තිකයෙක් තෝරා පත් කර ගැනීම පිණිස කොන්සර්වේටිව් පක්ෂය නාම යෝජනා කැඳවිම ද මේ සමග ප්‍රකාශයට පත් කොට ඇති අතර, ලබන සිකුරාදා වන විට අනුප්‍රාප්තික අගමැතිවරයකු පත් කර ගැනීමට අපේක්ෂා කෙරේ.

එතෙක් ලීස් ට්‍රස් අගමැති ධුරයේ කටයුතු කරනු ඇත.

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *