නිවසක් තුල තිබී කැබැල්ලෑ මස් කිලෝග්රෑම් 2 ක් බදින තිවක්කු 2 ක්,කොටන තුවක්කු 1 ක් සතුන්ට අටවන කේබල් මදු තොගයක් සමග සැකකරුවෙකු අත්තඩංගුවට – වසන්ත රෝහණ සමරවර්ධන

බුලත්කොහුපිටිය වනජීවී කාර්ය්‍යාලයේ නිළධාරීන් විසින් බුලත්කොහුපිටිය එළගල්ල,උඩගොඩ ප්‍රදේශයේ (16 දින)නිවසක් තුල තිබී කැබැල්ලෑ  මස් කිලෝග්රෑම් 2 ක් බදින තිවක්කු 2 ක්,කොටන තුවක්කු 1 ක් සතුන්ට අටවන කේබල් මදු තොගයක් සමග සැකකරුවෙකු අත්තඩංගුවට ගෙන තිබෙයි.සැකකරුට වනජීවි කාර්ය්‍යාලයේ නිළධාරීන් විසින් ඇප මත මුදා හැර ඇති අතර මෙම මස 27 වන දින කෑගල්ල මහෙස්ත්‍රාත් අධිකරනයේ පෙනී සිටින ලෙස දන්වා තිබෙයි.

සැකකරු කලක පටන් මෙ සතුන් මරා අලෙවිකිරීම සිදු කර තිබෙන බවට ද තොරතුරු ලැබී තිබෙන අතර ඔහු අවුරුදු 65 ක පමන පුද්ගලයෙකි.

මෙම වැටලීම බුලත්කොහුපිටිය බීට්ටු කාර්ය්‍යාලයේ අඩවි සහකාර කේ පී උදය කරුණානායක,වන සත්ව නියාමක කේ ඒ පමිත ක්ෂේත්‍ර සහායක නාරද කලුආරච්චි

අනුර ජයතිස්ස යන නිළධාරීන් විසින් මෙම වැටලීම සිදු කර තිබෙයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may have missed