අක්වාන් සුළි කුණාටුවේ බලපෑමෙන් ප්‍රදේශ රැසක වායු ගුණත්වය පහළට – සංවේදී පුද්ගලයින්ටත් අනතුරු ඇඟවීම්
අක්වාන් සුළි කුණාටුවේ බලපෑම හේතුවෙන් දිවයින ප්‍රදේශ රැසක අද වායු ගුණත්වය පහළ මට්ටමක පවතින බව මධ්‍යම පරිසර අධිකාරිය ප්‍රකාශ කළා.
ඒ් අනුව උතුර, උතුරු මැද, බස්නාහිර සහ නැගෙනහිර පළාත්වල ඇතැම් ස්ථානවල මෙලෙස වායු ගුණත්වය පහළ ගොස් ඇති බවයි එම අධිකාරියේ පරිසර අධ්‍යයන සහ දැනුවත් කිරීමේ අංශයේ අධ්යක්ෂ ආචාර්ය අජිත් ගුණවර්ධන සඳහන් කළේ.
මේ අතර ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනය විසින් අද පෙරවරුවේ නිකුත් කළ දත්ත වාර්තාවට අනුව වැඩිම වායු දූෂණයක් සහිත නගරය ලෙස දැක්වුණේ බොරැල්ල නගරයයි. එහි වායු ගුණාත්මක දර්ශකය 193 ක් ලෙස දැක්වුණු අතර එය සෞඛ්‍යයට අහිතකර මට්ටමක් ලෙස සටහන් වුණා.
එමෙන්ම කෑගල්ල, මන්නාරම, වවුනියාව සහ දඹුල්ල යන ප්‍රදේශවල වායු ගුණාත්මක දර්ශකය දැක්වුණේ 151ත් 200ත් අතර අහිතකර මට්ටමකයි.
කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් වයස්ගත පුද්ගලයින් සහ ශ්වසන අපහසුතා සහිත පුද්ගලයින් වඩාත් අවධානයෙන් පසුවිය යුතු බවයි මධ්‍යම පරිසර අධිකාරියේ පරිසර අධ්‍යයන සහ දැනුවත් කිරීමේ අංශයේ අධ්යක්ෂ ආචාර්ය අජිත් ගුණවර්ධන කියා සිටියේ.
මේ අතර නිරිතදිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශය ආශ්‍රිතව වර්ධනය වෙමින් පවතින අක්වාන් සුළි කුණාටුව හේතුවෙන් කන්කසන්තුරය සිට ත්‍රිකුණාමලය සහ මඩකලපුව හරහා පොතුවිල් දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල නැවත දැනුම් දෙනතුරු ධීවර සහ නාවුක කටයුතුවලින් වැලකී සිටින ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව දැනුම් දෙනවා.
මෙම පද්ධතිය තවදුරටත් වර්ධනය වී මේ මස 20 වනදා වනවිට ඉතා දරුණු සුළි කුණාටුවක් ලෙස ඉන්දියාවේ ආන්ද්‍රා ප්‍රදේශ් සහ යානම් වෙරළ තීරය හරහා ගොඩබිමට ඇතුළු වීමට ඉඩ ඇති බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළේ.
