හදසි ගින්නෙන් නාකියාදෙණියේ හඩ්වෙයාර් ආයතනයක් ගිනි ගනී. – දමිත් සඳනුවන් කීර්ති.
හදසි ගින්නෙන් නාකියාදෙණියේ හඩ්වෙයාර් ආයතනයක් ගිනි ගනී.
යක්කලමුල්ල පොලිස් වසමේ නාකියාදෙණිය හන්දියේ හඩ්වෙයාර් ආයතනය (12දා) රාත්‍රියේ ඇතිවූ හදිසි ගින්නකින් එම හඩ්වෙයාර් ආයතනය සම්පූර්ණයෙන්ම ගිනිගෙන විනාශයට පත්විය.
පැය තුනකට ආසන්න කාලයක් මෙසේ මෙම හඩ්වෙයාර් ආයතනය තුළ ගින්න පැතිරී ගොස් තිබූ අතර පසුව ගාල්ල ගිනි නිවීමේ ඒකකයේ ගිනි නිවීමේ රථ සහ ගාල්ල නාවික හමුදාවට අයත් ගිනි නිවීම රථයක් පැමිණ ගිනි මැඩපැවැත්වීමට කටයුතු කරන ලදි.
මෙම අවස්ථාවේදී ප්‍රදේශවාසීන් ගින්න මැඩ පැවැත්වීමට උත්සහා කළහ.
