හාල්මැස්සන් සහ උම්බලකඩ වල වෙළෙඳපොල මිලත් අඩුවෙයි

අය වැයෙන් අද සිට බදු අඩු කිරීමත් සමඟ වෙළෙඳපොළෙහි හාල්මැස්සන් සහ උම්බලකඩවල සිල්ලර මිළ ගණන් අඩු වනු ඇති බව පිටකොටුව කරවල ව්‍යාපාරිකයන්ගේ සංගමය පවසනවා.

එහි හිටපු සභාපති ආර්.ජී.විල්සන් කියා සිටියේ හාල්මැස්සන් සඳහා පනවා තිබූ රුපියල් සියයක බද්ධ රුපියල් 10 දක්වා රුපියල් 90 කින් අඩු කර ඇති බවයි.

කෙසේ වෙතත් උම්බලකඩ සඳහා ද විශාල බදු අඩු කිරීමක් සිදුකර ඇති බැවින් දේශිය උම්බලකඩ මිළට එම තත්වයන් බලපාන බවට ඔහු වැඩිදුරටත් සඳහන් කළා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *