AI තාක්ෂණයෙන් හැදූ මහ බැංකු අධිපතිගේ ව්‍යාජ වීඩියෝවලට හසු වෙන්න එපා! : මහ බැංකුවෙන් නිවේදනයක්
ශ්‍රී ලංකා මහ බැංකු අධිපතිවරයා පෙනී සිටින අයුරින්, කෘත්‍රිම බුද්ධි (AI) තාක්ෂණය උපයෝගී කරගනිමින් සකස් කරන ලද ව්‍යාජ වීඩියෝ සහ දැන්වීම් සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය වෙමින් පවතින බවට ශ්‍රී ලංකා මහ බැංකුව විශේෂ නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරනවා.
විශේෂයෙන් ෆේස්බුක් ඇතුළු සමාජ මාධ්‍ය ජාලා ඔස්සේ මෙම වංචනික දැන්වීම් සංසරණය වන බවයි මහ බැංකුව නිරීක්ෂණය කර ඇත්තේ.
ඒ අනුව, මෙම ව්‍යාජ වීඩියෝ සහ දැන්වීම් හරහා ඉදිරිපත් කරනු ලබන මූල්‍ය උපදෙස්, ආයෝජන අවස්ථා හෝ වෙනත් ප්රකාශයන්ට නොරැවටෙන ලෙසත්, ඒවා මත පදනම්ව කිසිදු මූල්‍යමය තීරණයක් නොගන්නා ලෙසත් මහ බැංකුව මහජනතාවගෙන් දැඩිව ඉල්ලා සිටිනවා.
ඕනෑම මූල්‍යමය තොරතුරක නිරවද්‍යතාව තහවුරු කර ගැනීම සඳහා සෑම විටම ශ්‍රී ලංකා මහ බැංකුවේ නිල සන්නිවේදන මාධ්‍ය පමණක් භාවිත කරන ලෙසත්, මෙවැනි නොමඟ යවන සුළු ව්‍යාජ වීඩියෝ තවදුරටත් සමාජ මාධ්‍ය තුළ හුවමාරු කිරීමෙන් වළකින ලෙසත් මහ බැංකුව වැඩිදුරටත් අවධාරණය කරනවා.
