කෑගලු Coco Fair අධ්‍යාපන හා වෙළෙද ප්‍රදර්ශනය අද කෑගල්ල නගර සභා ශාලාවේදී – වසන්ත රෝහණ සමරවර්ධන
කෑගලු Coco Fair අධ්‍යාපන හා වෙළෙද ප්‍රදර්ශනය අද (29) කෑගල්ල නගර සභා ශාලාවේදී ආරම්භ විය.
මෙහි දී පොල් වගාව සම්බන්ධයෙන් තාක්ෂණික උපදේශන සේවාවක් මෙන් ම පොල් ගස ආශ්‍රිතව සිදු කරන විවිධ නිෂ්පාදනයන් ද කෑගලු Coco Fair ප්‍රදර්ශනය සඳහා එකතු කර තිබුණි. එමෙන්ම පොල් ආශ්රිත විවිධ ආහාර පාන වර්ග,විසිතුරු නිර්මාණ,වන සතුන් පලවා හැරීමේ උපකරණ සහ උසස් තත්ත්වයේ ගුණාත්මක පොල් පැළ ද මෙම ප්‍රදර්ශනය හරහා අලෙවි කරනු ලැබෙයි.

පොල් වගා කිරීමේ මණ්ඩය ,කෑගල්ල ප්‍රාදේශීය ලේකම් කාර්යාලය ,කප්රුක අරමුදල කළමණාකරණ මණ්ඩලය එක්ව සංවිධානය කරන ලද
මෙම Coco Fair අධ්‍යාපන හා වෙළෙද ප්‍රදර්ශනය අද හා හෙට (මෙම මස 29 සහ 30) දෙදින පුරා කෑගලු නගර ශාලා පරිශ්‍රෙය් දී පැවැත්වෙයි.
