යක්කලමුල්ල ඉරිදා පොළේ මිනිස් පරිභෝජනයට නුසුදුසු ආහාර අලෙවි කළ වෙළෙදුන් සහ සුපිරි වෙළෙඳ සැල් මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ පරීක්ෂාවෙන් පසුව නඩු. – දමිත් සඳනුවන් කීර්ති

යක්කලමුල්ල ඉරිදා පොළේ මිනිස් පරිභෝජනයට නුසුදුසු ආහාර අලෙවි කළ වෙළෙදුන් සහ සුපිරි වෙළෙඳ සැල් මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ පරීක්ෂාවෙන් පසුව නඩු.

 

යක්කලමුල්ල ඉරිදා පොළේ සහ යක්කලමුල්ල ප්‍රදේශයේ පවත්වාගෙන යනු ලබන සුපිරි වෙළෙඳ සැල් වල මිනිස් පරිභෝජනයට නුසුදුසු ආහාර අලෙවි කරනා වෙළෙදුන් සොයා යක්කලමුල්ල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ මූලිකත්වයෙන් බද්දේගම මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේද දායකත්වයෙන් (22දා) හදිසි වැටලීමක් සිදුකරන ලදි.

එහිදී යක්කලමුල්ල ඉරිදා පොළේ වෙළෙදම් කටයුතු සිදුකළ වෙළෙදුන් 63ක් දැඩි පරීක්ෂාවට ලක් කරන ලද අතර එහිදී මිනිස් පරිභෝජනයට නුසුදුසු ආහාර වර්ග අලෙවි කළ වෙළෙදුන් සහ ආහාර ද්‍රව්‍ය අලෙවි කරනා සුපිරි වෙළෙද සැල් දෙකක් පරීක්ෂා කළ අතර එහිදී යක්කලමුල්ල ඉරිදා පොළේ වෙළෙදුන් සහ එක් සුපිරි වෙළෙඳ සැලකට විවිධ වැරදි යටතේ එහි හිමිකරුවන් 11 දෙනෙකුට විරුද්ධව අධිකරණයේ නඩු පැවරීමට කටයුතු කරන ඇත.

මෙම හදිසි වැටලීමේදී යක්කලමුල්ල ඉරිදා පොළේ ලේබල් රෙගුලාසි උල්ලංඝණය කළ ආහාර විකුණු වෙළෙදුන්,පුස් සහිත මිරිස් අ⁣ළෙවි කළ වෙළෙදුන්,තැලිච්ච නරක් වූ පළතුරු අලෙවි කළ වෙළෙදුන්,පිසූ ආහාර සහ පිසූ නැති ආහාර වර්ග එකම සීතකරණයේ තබාගත් වෙළෙදුන් ,මුද්‍රත පත්තර පිටු මත දවටා ආහාර අලෙවි කළ වෙළෙදුන්,දිරා ගිය කරවල,පණුවන් සහිත ඵළවලු ඇතුළු විවිධ වැරදි සිදුකළ වෙළෙදුන් සහ සුපිරි වෙළෙඳ සැල් දෙකකට විරුද්ධව අධිකරණයේ නඩු පැවරීමට කටයුතු කළහ.

මෙම වැටලීම යක්කලමුල්ල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයේ වෛද්‍ය ජේ.ඒ.ආර් එස්.ජයසූරිය මහතාගේ උපදෙස් මත යක්කලමුල්ල සෞඛ්‍ය වෛද්‍ය කාර්යාලයේ පරිපාලන සෞඛ්‍ය පරීක්ෂක එච්.ජී.පී.සමරවීර,මහජන පරීක්ෂකවරුන් වන අජාන් පියුමාල් ,ජී.බී.නෙෂාන්,ඩී.එස් .බී.ඩී.සී.දිල්ෂාන්,එස්.කේ.ඒ.වයි.අසන්න යන මහත්වරුන් ඇතුළු බද්දේගම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් එක්ව සිටියහ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *