ආනයනික අර්තාපල්, වියළි මිරිස් සහ ලොකු ඵෑණු මිල ඉහළට
ආනයනික අර්තාපල්, වියළි මිරිස් සහ ලොකු ඵෑණු මිල ඉහළ ගොස් ඇති බව අත්‍යාවශ්‍ය භාණ්ඩ ආනයනකරුවන්ගේ සංගමය පවසනවා.
එම සංගමයේ සභාපති එස්. විනායග සුන්දරම් සඳහන් කළේ, ඉන්දියාවෙන් මෙරටට වියළි මිරිස් ආනයනය අත්හිටුවීමට ගෙන ඇති තීරණය වියළි මිරිස් මිල ඉහළ යෑමට හේතු වී ඇති බවයි.
නියමිත ප්‍රමිතියට නොමැති බව පවසමින් ආනයනික වියළි මිරිස් කන්ටේනර් 100කට වැඩි ප්‍රමාණයක් රේගුවේ රඳවා තිබෙන බව රේගු මාධ්‍ය ප්‍රකාශක චන්දන පුංචිහේවා පසුගියදා ප්‍රකාශ කළා.
ඔහු සඳහන් කළේ, ප්‍රමිති ආයතනය සහ ආහාර පරීක්ෂකවරුන් ප්‍රතික්ෂේප කර ඇති මෙම කන්ටේනර් නියමිත ප්‍රමිතියෙන් තොර බැවින් මෙරට වෙළඳපොලට මුදා නොහරින අතර නැවත ප්‍රතිඅපනයනය කිරීමට සැලසුම් කර ඇති බවයි.
කෙසේ වෙතත්, මෙම තත්වය හමුවේ ඉන්දියාවේ වෙළෙඳ සංගම් මෙරටට වියළි මිරිස් අපනයනය කිරීම නතර කර ඇති බවයි අත්‍යාවශ්‍ය භාණ්ඩ ආනයනකරුවන්ගේ සංගමයේ සභාපති එස්. විනායග සුන්දරම් කියා සිටියේ.
පවතින තත්ත්වය හමුවේ වෙළෙඳපොළේ මේ වනවිට වියළි මිරිස් මිල කිලෝවක මිල රුපියල් 1300ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.
එමෙන්ම, පවතින එල් නිනෝ තත්ත්වය හේතුවෙන් ආනයනික අර්තාපල් සහ බී ඵෑණු මිළද සියයට 10කින් පමණ ඉහළ ගොස් ඇති බවයි අත්‍යාවශ්‍ය භාණ්ඩ ආනයනකරුවන්ගේ සංගමයේ සභාපති එස් .විනායග සුන්දරම් කියා සිටියේ.
