සුළු වැරදි සහිත සිරකරුවන් නිව‍ාස ගතකරයි !

සුළු වැරදි සහ මත්ද්‍රව්‍ය වැරදි සම්බන්ධයෙන් පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන සැකකරුවන් අතරින් තෝරා ගත් පිරිසක්, බන්ධනාගාර ගත නොකර නිවසේ රඳවා තබාගෙන නිරීක්ෂණය කිරීමේ නව ක්‍රමවේදයක් හඳුන්වා දීමට රජය සැලසුම් කර අැති බව බන්ධනාගාර කොමසාරිස් සේනක පල්ලේතැන්න මහතා පැවසුවේය. නව වැඩපිළිවෙළ යටතේ සැකකරුට චිප් (Chip) එකක් පළන්දා ඔහු නිරීක්ෂණය කිරීම ‍ම‍ෙම නව වැඩපිළිව‍ෙල බව ඔහු ප්රකාශ කළ‍ේය.

මේ වනවිට බන්ධනාගාර වල පවතින අධික තදබදය සැලකිල්ලට ගෙන මෙම නව ක්‍රමවේදය හඳුන්වා දීමට සැලසුම් කර තිබෙන බව ඔක්තෝබර් 16 වැනිදා මහනුවරදී මාධ්‍යවේදීන් හමුවේ අදහස් දක්වමින් කොමසාරිස්වරයා ම‍ෙම නව වැඩපිළිව‍ෙල පිළිබදව අනාවරණය කළේය.

බන්ධනාගාර දෙපාර්තමේන්තුව, අධිකරණ අමාත්‍යාංශය හා පොලීසිය ඒකාබද්ධව මෙම නව පියවර ක්‍රියාත්මක කිරීමට බලාපොරොත්තු වන බව ඔහු කීව‍ේය.

තවද, “බන්ධනාගාර ප්‍රමාණය වැඩි කිරීම වෙනුවට, දැනට පවතින බන්ධනාගාර වෙනත් තැන් වලට විතැන් කර, අන්තර් ජාතික පහසුකම් ඇති ස්ථාන බවට පත් කිරීමට රජයේ අවධානය යොමුව තිබෙනවා යැයි” ද කොමසාරිස්වරයා පැවසුවේය.

තාවකාලිකව බන්ධනාගාර දෙපාර්තමේන්තුව යටතට ග‍ෙන අති බෝගම්බර බන්ධනාගාරය පිළිබදව අදහස් දක්වමින්, එය ඉතා ඉක්මනින් නැවත භාරදීමට කටයුතු කරන බවත් කොමසාරිස්වරයා කීව‍ේය.

END/MMP/20102026

Leave a Reply

Your email address will not be published. Required fields are marked *