අද – දිවයිනේ බොහෝ ප්රදේශවලට අද පස්වරුවේ වැසි!
දිවයිනේ බොහෝ ප්රදේශවලට අද (15) පස්වරු 1.00න් පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්යා දෙපාර්තමේන්තුව පවසයි.
සබරගමුව, මධ්යම සහ උතුරුමැද පළාත්වලත්, ත්රිකුණාමලය සහ කුරුණෑගල දිස්ත්රික්කවලත් ඇතැම් ස්ථානවලට මිලිමීටර් 75 ඉක්ම වූ තරමක් තද වැසි ඇති විය හැකි බව එම දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
බස්නාහිර පළාතේ සහ ගාල්ල හා මාතර දිස්ත්රික්කවල වෙරළබඩ ප්රදේශවලට උදෑසන කාලයේදී වැසි ස්වල්පයක් ඇති විය හැකිය. ගිගුරුම් සහිත වැසි සමඟ ඇති විය හැකි තාවකාලික තද සුළං සහ අකුණු හේතුවෙන් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්ය පියවර ගන්නා ලෙස ජනතාවගෙන් කාලගුණ විද්යා දෙපාර්තමේන්තුව ඉල්ලා සිටියි.
මේ අතර, සබරගමුව, මධ්යම සහ ඌව පළාත්වල ඇතැම් ස්ථානවල අලුයම් කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් පැවතිය හැකි බවද එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කරයි.
