අයහපත් කාලගුණයෙන් පීඩාවට පත්වන ජනතාවට සහන සැලසීමට නාවික හමුදා කණ්ඩායම් 171ක් සූදානමින්
දිවයිනට බලපා ඇති අයහපත් කාලගුණික තත්ත්වය හමුවේ පීඩාවට පත්වන ජනතාවට කඩිනම් සහන සැලසීම සඳහා නාවික හමුදා ආපදා සහන කණ්ඩායම් 171ක් සූදානමින් තබා ඇති බව ශ්රී ලංකා නාවික හමුදාව සඳහන් කරයි.
ඒ අනුව, ඊයේ (14) උදෑසන සිට ආපදා සහන කණ්ඩායම් පහක් මධ්යම සහ සබරගමුව පළාත්වල ස්ථානගත කර තිබේ.
බටහිර නාවික විධානය යටතේ නාවලපිටිය ප්රදේශයේ එක් කණ්ඩායමක්, ගම්පොළ ප්රදේශයේ එක් කණ්ඩායමක් සහ රත්නපුර ප්රදේශයේ කණ්ඩායම් තුනක් වශයෙන් මෙම කණ්ඩායම් ස්ථානගත කර ඇති අතර අවශ්යතාව අනුව ඒවා කඩිනම් සහන මෙහෙයුම් සඳහා යෙදවීමට පියවර ගෙන ඇත.
