පොල්ගහවෙල – පේරාදෙණිය අතර නව දුම්රියක් අද සිට ධාවනයට!

පොල්ගහවෙල සහ පේරාදෙණිය අතර ගමන් කරන පාසල් සිසුන් ඇතුළු මගීන්ගේ ප්‍රවාහන පහසුකම් සැලසීම සඳහා නව දුම්රියක් අද (12) සිට දෛනිකව ධාවනයට එක් කර ඇතැයි දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

පසුගිය දිට්වා සුළි කුණාටුවෙන් පසු උඩරට දුම්රිය මාර්ගයේ රඹුක්කන සහ ගම්පොළ අතර දුම්රිය ධාවනය පසුගියදා 02 වැනිදා සිට යළි ආරම්භ කර ඇති අතර, මේ වන විට එම දුම්රිය ධාවන කටයුතු සාමාන්‍ය පරිදි සිදු කෙරෙන බව දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කළේය.

ඊට සමගාමීව පොල්ගහවෙල සහ පේරාදෙණිය අතර දුම්රියෙන් ගමන් කිරීමට අපේක්ෂා කරන පාසල් සිසුන් සහ අනෙකුත් මගීන්ගේ පහසුව වෙනුවෙන් මෙම නව දුම්රිය සේවාව ආරම්භ කර තිබේ.

END/GONP/MMP/12102026

Leave a Reply

Your email address will not be published. Required fields are marked *