පිවිතුරු පියකරු රටක් වෙනුවෙන් කැපවුණු ගිංතොට මහා විද්‍යාලයේ සහ ගිංතොට සහීරා විද්‍යාලයේ සිසුන් අගයයි – දමිත් සඳනුවන් කීර්ති

ගාල්ල දැඩැල්ල සහ එම අවට වෙරළ තීරය පිරිසිදු කිරීමේ වැඩ සටහන වෙනුවෙන් ස්වෙච්ඡාවෙන් කැපවී කටයුතු කළ එදින එම වැඩසටහනට සම්බන්ධ වූ ගාල්ල ගිංතොට මහා විද්‍යාලයේ පරිසර භට කණ්ඩායම සහ බලදක්ෂ කණ්ඩායමේ සහ ගිංතොට සහීරා මහා විද්‍යාලයේ සිසු සිසුවියන් ඇගයීමේ වැඩසටහනක් ඊයේ සහ අද (02) දින ලෝක ළමා දිනයට සමගාමීව මෙම විද්‍යාල වලදී මෙසේ සිදුවිය.

සිව්වෙනි වරටත් ⁣ මෙම වැඩසටහන පසුගියදා සංවිධානය කළ තිබුණේ ශ්‍රද්ධා ටී.වී.මාධ්‍ය අනුග්‍රහය යටතේ ගාල්ල කාන්තා හඬ පරිසරික සහ ප්‍රජා සංවර්ධන පදනම විසිනි.

මෙහදී මෙම වැඩසටහන සාර්ථක කර ගැනීම සඳහා ස්වෙච්ඡාවෙන් ඉදිරිපත් වී කටයුතු කළ ගිංතොට මහා විද්‍යාලයේ සහ සහීරා විද්‍යාලයේ සිසු සිසුවියන් ඇඟයීම වෙනුවෙන් සහතික පත්‍ ප්‍රදානය කිරීම සිදුවිය.

මෙම අවස්ථාවට ගිංතොට මහා විද්‍යාලයේ විදුහල්පති සරත් කුමාර මහතා, සහීරා විද්‍යාලයේ විදුහල්පති එම්.එන්.එම්.රිපාක් මහතා ඇතුළු විද්‍යාලය දෙකේ ගුරුවරුන් ගාල්ල කාන්තා හඬ ප්‍රජා පරිසරික සංවර්ධන පදනමේ සභාපතිනිය වන ඩබ්ලිව්.වී.දේවිකා නිල්මිණි මහත්මිය ඇතුළු පිරිසක් එක්ව සිටියහ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may have missed