විශේෂ අවශ්‍යතා සහිත ප්‍රජාව සදහා ජාතික හැඳුනුම්පත් සකස් කිරීම – දමිත් සඳනුවන් කීර්ති

ජාතික හැඳුනුම්පත් සකස් කිරීම සඳහා නියමිත ඡායාරූපය ලබා ගැනීම සඳහා ඡායාරූපාගාර වෙත යාමට නොහැකි ආබාධිත, විශේෂ අවශ්‍යතා සහිත ප්‍රජාව සදහා අදාළ ඡායාරූපය සකස් කිර දීමේ ජංගම වැඩසටහන

ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහනට සමගාමීව වඳුරඹ ප්‍රාදේශීය ලේකම් එස්. ඒ .එම් නස්ලි මහතාගේ උපදෙස් පරිදි කාර්යාලයීය පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ ඒකකය, සමාජ සංවර්ධන අංශයේ සමාජ සේවා ඒකකය විසින් පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දේපාර්තමේන්තු තොරතුරු තාක්ෂණ අංශය සමග එක්ව ක්‍රියාත්මක කරන ඉහත වැඩසටහන (05) දින වදුරඹ ප්‍රාදේශීය ලේකම් කාර්යාල බල ප්‍රදේශයේ සියලුම ව්ශේෂ අවශ්‍යතා සහිත ප්‍රජාවගේ ජායාරූප ගැනීම අවසන් කරන ලදී.

මෙහිදී පූර්ණ ආබාධ සහිත ප්‍රජාව සිටින කුටුම්බ වලට ගොස් ජායාරූප ලබා ගෙන එම තොරතුරු පුදුගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තු තොරුතුරු තාක්ෂන අංශය වෙත යොමු කොට නියමිත ඡායාරූපය සකස් කර ගැනීම සිදු කරනු ලබන අතර ඉන් අනතුරුව ජාතික හැඳුනුපත සකස් කිරීම සඳහා යොමු කරනු ලබයි.

මේ සඳහා සියලු සම්බන්ධීකරණ කටයුතු සිදු කරන ලද හැදුනුම්පත් ඒකකයේ සුගත් මාසාචච් මහතාට, සමාජ සේවා සංවර්ධන නිලධාරී ජානක සම්පත් කුමාර මහතාට , විශේෂ ස්තූතිය පිරිනැමිය යුතුය. එසේම අදාළ තොරතුරු ලබා දෙමින් සහය වූ සියලූම ග්‍රාම නිලධාරීන්ද සිහිපත් කළ යුතුය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *