ඇසළ පෝය වෙනුවෙන් බැති ගී කියූ වඳුරඹ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ නිලධාරීන් – දමිත් සඳනුවන් කීර්ති

*”පහන් ස්වරය” ඇසල සැදැහැ ගී සරණිය වඳුරඹ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේදී

වඳුරඹ ප්‍රාදේශිය ලේකම් කාර්‍යාලය මගින්, කාර්‍යාලීය නිලධාරීන් උදෙසා වාර්ෂිකව සංවිධානය කරනු ලබන බොදු සැදැහැ ගී වැඩසටහන ( 06) දින සවස කාර්‍යාලීය ශ්‍රවණාගාරයේදී අලංකාරවත්ව පවත්වන ලදී.

කාර්‍යාලීය නිලධාරීගේ අවිවේකී හා කාර්‍යබහුල මනසට සුවයක් හා පහන් සිතුවිලි ඇතිකිරීම මගින් ප්‍රභෝධමත් මනසක් ඇතිකිරීමෙන් නිරවුල්ව රාජකාරී කටයුතු සිදුකිරීමට හැකි මානසිකත්වයක් ඇති කිරීම මෙම වැඩසටහනෙහි අරමුණ විය.

වඳුරඹ ප්‍රාදේශිය ලේකම් එස්.ඒ.එම්. නස්ලි මහතාගේ උපදෙස් හා මග පෙන්වීමෙන්, සහකාකාර ප්‍රාදේශිය ලේකම් කේ. එල්. අරුණි ප්‍රබෝධා මෙනවියගේ හා නියෝජ්‍ය අධ්‍යක්ෂ සෙව්වන්දි එන් රණවීර මහත්මියගේ අධීක්ෂණයෙන් කාර්‍යාලීය සංස්කෘතික ඒකකය මගින් වැඩසටහන සංවිධානය කරනු ලැබිණ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *