දිට්වා සුළි කුණාටුවෙන් පූර්ණ නිවාස හානි වු ගල්නෑවේ පවුලක් වෙත නව නිවසක්

පසුගිය වසරේ ඇතිවූ දිට්වා සුළි කුණාටුවේ බලපෑමෙන් ගල්නෑව කොට්ඨාසයේ පවුල් 16 කට පූර්ණ නිවාස හානි සිදු වූ අතර එලෙස නිවාස අහිමි වූවන්ට නව නිවාස ඉදිකර දීමේ වැඩසටහන යටතේ ගල්නෑව කොට්ඨාසයේ වැඩ අවසන් කළ තුන්වන නිවස උස්ගල මාලිගා තැන්නනේ සුමනදාස මහතා වෙත භාරදීමත්, එහි පදිංචි කරවීමත් ගල්නෑව ප්‍රාදේශිය ලේකම් ජි.එම්.කේ.ආර්.ප්‍රියදර්ශන මහතාගේ ප්‍රධානතවයෙන් සිදු විය.

මෙය රුපියල් මිලියන 5 ක මූල්‍ය ප්‍රතිපාදන යටතේ ඉදි කළ අංග සම්පූර්ණ නිවසකි.

මෙම අවස්ථාවට ගල්නෑව ප්‍රාදේශිය සභාවේ මන්ත්‍රී විමලරත්න, ගණකාධිකාරි තක්ෂිලා, පරිපාලන ග්‍රාම නිලධාරී නිමල් බණ්ඩාර, ආපදා සංවර්ධන නිලධාරි මධුවන්ති, තාක්ෂණ නිලධාරි හර්ෂිකා යන මහත්ම මහත්මීන් ඇතුළු වසම්භාර රාජ්‍ය නිලධාරින් මෙන්ම සුමනදාස මහතාගේ පවුලේ සාමාජිකයින් හා ප්‍රදේශවාසින් සහභාගී වූහ.

END/GONP/MMP/07082026

Leave a Reply

Your email address will not be published. Required fields are marked *